රහස නෙකියා වළහා කැළේට යයි..

රහස නෙකියා වළහා කැළේට යයි..


යාල වළහෙක්  සිය නිදහස  භුක්ති විදිමින් ඔහුගේ රාජ දහනේ  කෑම සොයා  ඇවිද ගියේය. 
මිනිහෙක් උඟුලක් ඇද්දේය.වළහා උඟුලට අසු විය.ඒත්  මිනිහාට වළහා මරා ගත නොහැකි විය. 
මිනිහා උගුල අටවන්නට ඇත්තේ මුවකු මරා ගන්නට විය හැකියි. 
මිනිසා නොසිතු දෙයක් වළහා කළේය.මන්ද ද රැගෙන ගසකට නැන්ගේය.ඒත්  මන්ද නොගැල වුවහොත් වළහාගේ ජීවිතය අනතුරේය.
සිතුල්පව්ව,බැබව,අලිවල හේනක පළු ගසක අඩි30 ක අග්ගිස්සට නැඟ ගත් වළහා බිම සිට නිර්වින්දන බෙහෙත් විද ලණුවකින් බිමට බා  තුවාල වලට බෙහෙත්  කැර කැලයට මුදා හැරීමට ඔවුහු සමත් වුහ. 





ලුණූගම් වෙහෙර වනජීවී කාර්යාලයයේ  ඌව මධ්‍යම පළාත භාර පශු වෛද්‍ය ඩබ්ලිව් ඒ ධර්ම කීර්තී මේ වළහා බේරා ගැනීමේ මෙහෙයුමේ නියමුවා විය. 
‘කෑලෑ ජීවිතයේ විසි වසරක සේවයක අද්දැකීම් ඇති ඔහුට වළසකු බේරා ගැනීමට හැකි වු මුල්ම අවස්ථාව මෙයයි.වළහා කම්බි කේබල් උගුලකට හසු කරලා .පණ පිටින් වළහා බිමට ගැනීම ලොකු ප්‍රශ්නයක් .එහෙත් ඉලක්කයට නිල බලා නිර්වින්දන වායු රයිෆලයෙන් විද්දා එය හරි ගියා.‘ 
ගමේ නිර්භීත තරුණයන් දෙදෙනකු වන පාලිත හා සංජය අපට සහාය දුන්නා.වයස අවුරු දහයක් පමණ වන කිලෝ පනහකට වඩා පමණ බරැති වළහා කඹයකින් බිමට බෑවා.‘ 
අකාරුණික උඟුල් කරුවාට සත්ව කරුණාවේ පාඩමක් කියා දෙමින් යාල වනෝද්‍යානයේ පශු වෛද්‍යවරු ඇතුළු සේවකයෝ වළහා බිමට ගත්හ. 
එහිදී කුරිරු මිනිසා ගැන රහස් කීමට කාරුණික මිනිසුන් වෙතට නොගිය වළහා එක පිම්මේ සිය  දනව්ව කරා පැන ගත්තේය(lankadeepa)










0 comments:

Post a Comment

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.

Chitika

 
_______________________________________© ST STUDIO 2011 All Rights Reserved | Design by ST STUDIO _______________________________________