මාලේට ආලේ කළ යුත්තේ ඇයි?....
බොබ් මාලේගේ ගීත ඇසිය යුත්තේ ඔහුගේ ලිරික්ස් හෙවත් පද මාලාවන්වල මුද්‍රිත පිටපතක් ද ළඟ තබාගෙනය.
ඒ සමගම ඩික්ෂනරියක් ද තබා ගැනීම සුදුසුය. එහෙත් බොබ් මාලේගේ ගීතවල එන ඇතැම් වචනවල තේරැම ඩික්ෂනරිවල
ද නැත. ඒ වචනවල තේරැම සොයා ඔබට අන්තර් ජාලයට පිවිසීමට සිදුවනු ඇත. බොබ් මාලේගේ ගීත කලාව රස විදිය හැක්කේ ඒ
ගීතවල තේරැම ද අවබෝධ කර ගැනීමෙන් පමණි. නැතිනම් ඔහුගේ ගීතවලින් ලැබිය හැක්කේ ශබ්ද රසය පමණි. ශබ්ද රසය තිරිසන්
රසයකැයි ද කියැවේ. අද ලංකාවේ බොහෝ දෙනා බොබ් මාලේගේ ගීතවලින් ලබන්නේ මේ තිරිසන් රසය පමණී. බොබ් මාලේගේ ගීතවල අර්ථය කෙටියෙන් කියන්නේ නම් එය ඉංග්‍රීසියෙන්
ඉංග්‍රීසි නැසීමක් ලෙස විස්තර කළ හැකිය.
බොබ් මාලේ උපත ලැබුවේ ජැමෙයිකාවේ නයින් මයිල්ස් නැමති ප්රදේශයේය. බොබ් මාලේගේ මව සෙඩෙලා බූකර්ය. ඔහුගේ පියා සින්ක්ලෙයාර් මාලේය. කිංග්ස්ටන් නුවරදී තමන්ගේ ප්‍රථම
සංගීත කණ්ඩායම බිහි කරගන්නා විට මාලේට වයස දාසයක් පමණි. එහි නම රෑඩ් බෝයිස් නම් විය. කාලයකින් ඒ නම වේලර්ස් යනුවෙන් වෙනස් විය. වේලර්ස් යන්නෙහි තේරැම වැළපෙන්නෝ,
යාදිනිකරැවෝ, අයදින්නෝ ආදී වශයෙන් දැක්විය හැකිය. මාලේ විසින් ප්‍රථම ගීතය තැටිගත කරනු ලැබුවේ 1962 දීය. මේ කාලේදී මාලේලාට ස්වකීය ගීත ජැමෙයිකාවේ ගුවන් විදුලි නාලිකා
මගින් විකාශනය කර ගැනීමට අසීරැ විය. එයට හේතුවූයේ මේ තුල්ලහි නාලිකා තමන්ගේ රටේ සංගීතකරැවන්ට වඩා ඇමරිකාවේ, එංගලන්තයේ ගායකයන්ට සැලකීමයි. තැන දීමයි. මේ නිසා
මේ ඇතැම් නාලිකාවල නිවේදකයන්ට ‘හරි අපේ සින්දු දාන්න එපා. හැබැයි අපිව පාරෙදි හම්බ වෙන්න එපා‘ආදී චණ්ඩි පාට් දමා ස්වකීය ගීත එම නාලිකා හරහා විකාශනය කරවා ගන්නට මාලේලාට
සිදුවිය. එසේ චණ්ඩි පාට් දමා අමාරැවෙන් ගීතයක් විකාශය කරවා ගන්ත ද සැබවින්ම වේලර්ස් සංගීත කණ්ඩායම රට පුරා ජනප්‍රිය වුයේ ගමින් ගමට ගොස් සංගීත ප්‍රසංග පැවැත්වීම මගිනි. 1964
දී මාලේ සහ වේලර්ස් සංගීත කණ්ඩායම නිකුත් කළ සිමර් ඩවුන් ගීතය රැගත් තැටිය ජැමෙයිකාවේ අසූදාහක් පමණ අලෙවි විය.
1966 දී මාලේ රීටා කොන්සටන්ටිනා ඇන්ඩසන් සමග විවාහ වූවේය. ඇය සැමදාම වේලර්ස් සංගීත කණ්ඩායමේ අත්වැල් ගායිකාවක් ලෙසින් කටයුතු කළාය. නාමයේ කණුවේ ගමෙන්
කුණු කාණුවේ නගරයට පැමිණි මාලේ ගමේ දී ගහකොළ සමග බැදී පැවතුණු ජීවිතය එහිදී සංගීතය සමඟ බැදී පවතින ජීවිතයක් බවට පත් කර ගත්තේය. සංගීතයෙන්
ඉහළටම යද්දී මාලේ ජැමෙයිකාවට පමණක් නොව ලෝකයටම අයිති තරැවක් බවට පත් විය.
බොහෝ අයගේ ජීවිතය තුළම මාරයා සිටියි. එනම් ජීවත් වූවන් මළවුන් වැනිය. නොඑසේනම් බාගෙට මළවුන් වැනිය. එහෙත් මාලේ ගතකළේ මාරයාට ස්වකීය ජීවිතයෙන් අංශු මාත්‍රයක්වත් හිමිකර
තොදුන් සම්පූර්ණ ජීවිතයකි. ඒ ගැන කෝපයට පත් වීම නිසාදෝ මාරයා මාලේට කලින් ම තමකන් ළගට ගෙන්වා ගැනීමට තීරනය කළේය. ඒ අනුව පිළිකා රෝගය යැයි නිර්ණය කෙරැණු
හේතුව මත මාලේ ජීවිතයෙන් සමුගන්නා විට ඔහුට වයස අවුරැදු තිස් හයකුත් මාස තුනක් පමණක් විය.
0 comments:
Post a Comment