◄ලොව මුලින්ම යකඩවලින් වැඩ ගත්තේ අපි►
විජය පරපුර ලක් දෙරණ ශිෂ්ටාචාරගත කළ බව අපි දේව භාෂිතයක් ලෙස අදහමු.සියලුම දේ (අක්ෂර කලාව ,ගෘහ නිර්මාණ,වාරි තාක්ෂනය ........) අපට ලැබුනේ ඉන්දීයාවෙන් බවට මහාවංසය පදනම් කරගෙන අපට උගන්වති.නමුත් රුවන්වලිය ,අබයගිරිය වැනි ඇති දැවැන්ත දාගැබ් ද
කලාවැව,සොරබොර වැව ,පරාක්‍රම සමුද්‍රයය වැනි දැවැන්ත වාරි නිර්මාණ අපට තාක්ෂණ දී ශිෂ්ට තත්වයට ගෙන ආ බවට සිතන රටේ නැත(ඉන්දියාව) .එය පුදුමයට කරුණකි.කොටින්ම කියුවොත් අපේ පඩියන් අපට උගන්වන්නේ විජයල ඇතුළු පිරිස ලංකාවට අවේ නැත්තම් අපි තවමත් වැද්දන් ලෙස සිටිය යුතු බැවි.එහෙත් විජයාවතරණයට ද වසර සිය දහස් ගණකටත් පෙර මේ දෙරණ ශිෂ්ටාචාරගතව පැවති බව අද අපට පිළිගන්නට සිදුව ඇත.
හෙළ ගවේශන | Hela Gaweshana-2012
---------------------------------------------------------------------------------------------
ලෝකයේ ඕනෑම රටක්, ජාතියක් මිනිස් කොට්ඨාසයක දියුණුව ශිෂ්ටාචාරයේ ඉහළ මට්ටම මැනීමට උපයෝගී කරගන්නේ ලෝහ භාවිතය කළ කාල වකවානු නිර්ණය කිරීමෙනි.
මෙරට යකඩ භාවිතය ගැන අතීතයේ සිට අද දක්වාම පැවතියේ ප්‍රධාන මත දෙකකි. එක් මතයක් වූයේ උතුරු ඉන්දීය ආර්යයන්ගෙන් යකඩ භාවිතයට අප හුරු වූ බවකි. අනෙක් මතය වූයේ දකුණු ඉන්දියාවෙන් යකඩ භාවිතයට අප හුරු වූ බවය.
එහෙත් පුරාවිද්‍යා මහාචාර්ය රාජ් සෝමදේව විසින් සිදු කරන ලද පර්යේෂණයන්ගේ ප්‍රතිඵල අනුව දැන් හෙළි වී ඇත්තේ මෙරට යකඩ භාවිත කළ බවට සැලකෙන කාල සීමාවට අවම වශයෙන් වසර 1000 කට පෙර සිටවත් කඳුකර ප්‍රදේශවල විසු ජනයා යකඩ භාවිතය ඇරැඹු බවයි. මෙය රටේ අනන්‍යතාවය දැඩි ලෙසින්ම ඉදිරියට ගෙන යාමට හැකි වනු හේතුවක් වනු ඇත.
රංචාමඩ මේ පර්යේෂණ
ඇඹිලිපිටියේ රංචාමඩම නැමැති පැරැණි ගම්මානයක් පරීක්ෂා කිරීමේදී නිවාසයක පාදම හමු වී ඇත. වරිච්චි නිවසක් වන එහි අභ්‍යන්තරය පරීක්ෂා කිරීමේදී මුළුතැන්ගෙයත් ළිපත් හමු වී ඇත. ළිපෙහි අඟුරු කාල නිර්ණ පරීක්ෂාවට යැවූ අතර එහිදී එම අඟුරු ක්‍රි. පූර්ව 1120 තරම් පැරැණි යුගයකට අයත් බව තහවුරු වී ඇත.
නිවාසයට ආසන්නයේ ඇති ඉපැරැණි සුසාන භූමියකින් තහවුරු වී ඇත්තේ එහි සුසාන චාරිත්‍ර කර ඇති බවය. මෙම ගම්මානය තවදුරටත් පරීක්ෂා කිරීමේදී සකපෝරුවේ තනන ලද වළං ද හමු වී ඇත.
රංචාමඩම ප්‍රාග් ඓතිහාසික ගම්මානයේ සොයාගත් කොටස්
මෙය ඉතා හොඳ සාක්ෂ්‍යයක් වූයේ මෙරට යකඩ භාවිතය ගැන කාල නිර්ණයකට ඒම සඳහායි. රංචා මඩම තිබුණ යකඩ ආයුධ ක්‍රි. පූ. 1120 පමණ කාලයට අයත් ඒවා බව තහවුරු වී තිබේ. එම නිසා එම ප්‍රදේශයෙන් හමු වූ සුසාන භූමියත් රංචා මඩම ප්‍රදේශයත් අතර සමීප සබඳතාවක් තිබු බව මින් පැහැදිලිය.
එසේම රංචා මඩම තුළ ගල් ආයුධත් තිබී හමු වී ඇති අතර එයින් පැහැදිලිව හඳුනා ගත හැක්කේ ගල් ආයුධ භාවිත කළ අය ඒ වන විට යකඩ භාවිතයට හුරු වූ බවකි. ඔවුන් යකඩ ලෝහය හඳුනාගෙන ඇති බව ද ඉන් මනාව පැහැදිලිය.
බළන්ගොඩ මානවයාගේ දියුණුව
ගල් යුගයෙන් ලෝහ යුගයට පිවිසි සංක්‍රාන්ති යුගය ගැන 1956 සිටම පර්යේෂණ සිදු කරමින් පවතී. ආචාර්ය පී. බී. දැරණියගලයන් මුලින්ම මේ සම්බන්ධව දීර්ඝ ලෙස පර්යේෂණ සිදු කර ඇති අතර ආචාර්ය ශිරාන් දැරණියගලයන් ද මේ සම්බන්ධව මේ වන විට පර්යේෂණ සිදු කරමින් සිටී. මේ සංක්‍රාන්ති යුගය ගැන පර්යේෂණ කරමින් ආචාර්ය පී. බී. දැරණියගලයන් විසින් කල්තොට ප්‍රදේශයේ උඩුපියන්ගල්ගේ පර්යේෂණයට භාජනය කරන ලදී.
එම ගල් ගෙය පරීක්ෂණයට භාජනය කිරීමේදී ගල් ආයුධ භාවිත කළ අපේ රටේ සිටි බළන්ගොඩ මානවයා ඇතුළු පිරිස යම්කිසි ඉදිරි දියුණුවක් ලබාගෙන ඇතැයි ද ආචාර්ය දැරණියගල අනුමාන කළේය. ඉදිරි දියුණුවක් සහිත ඒ සංස්කෘතිය ඔහු ‘ෆෙරෝලෙසක’ සංස්කෘතිය ලෙසත් නම් කරන ලදි. එසේම ආචාර්ය ශිරාන් දැරණියගලගේ මතය වූයේ ගල් ගුහාවලින් සාක්ෂ්‍ය සොයා ගැනීම අසීරු බවයි. ගල් ගුහා පසු කලෙක භික්ෂුන් වහන්සේ විසින් භාවිත කළ නිසා ක්‍රමයෙන් දඩයම අඩුවීම නිසා නව සංස්කෘතියකට ජනතාව හුරු වෙන්නට ඇතැයි ඔහු අනුමාන කරයි.
කල්තොට සිට කඳුකරය දක්වා පර්යේෂණ
රංචා මඩම ගල් ආයුධවලට අමතරව සොයා ගන්නට ලැබුණු මැටි මූර්ති ආදියෙන් ද මේ ශිෂ්ටාචාරය ගැන වැදගත් විස්තර සොයා ගත හැකි විය. ගවයෙකුගේ ශෛලිගත මූර්ති හා කාන්තා ඇස් පැහැ ගන්වන අංජන කූරක් ද සොයා ගත හැකි විය.
මහාචාර්ය රාජ් සෝමදේවයන් මේ වන විට උත්සාහ කරනුයේ යකඩ මෙවලම් සෑදීමට පෙර ප්‍රාථමික අවදිය ගැන සොයා ගැනීමටයි. ඒ සඳහා කල්තොට සිට ඉහළ කඳුකරය පරීක්ෂා කිරීමේ ක්‍රියාදාමයක් අරඹන ලදි.
ඒ යටතේ හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවට අයත් පාරක පිහිටි සුසාන භූමි දෙකක් සොයාගෙන ඇත. එම සුසාන භූමි ක්‍රි. පූ. 1750 පමණ වනු ඇතැයි අනුමාන කර ඇති අතර ඔවුන් කෘෂිකර්මය කළ අය බවත් වළං සකපෝරුවේ සාදන ලද හා වළං පින්තාරු කරන ලද අය බවත් මෙහිදී සොයා ගෙන ඇත. එමෙන්ම එහි තිබු යකඩ කැබලි හා ආම්පන්න අනුව ඔවුන් යකඩ භාවිත කළ පිරිස් බවටත් හඳුනාගෙන ඇත. එහි තිබු ලෝහ මිශ්‍ර ගල් කොළඹ විශ්ව විද්‍යාලයේ න්‍යෂ්ටික විකිරණ විද්‍යා අංශයේ හා පරමාණුක බලශක්ති අධිකාරියේ විද්‍යාගාරයන්හි විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව එම පාෂාණයන්ගේ බහුලව යකඩ ඇති බව සොයාගෙන ඇත. මේ වන විට විශ්වාසය වී ඇත්තේ මේ පිරිස යකඩ හා යකඩ මිශ්‍ර ගල් භාවිත කළ බවයි.
යකඩ නිස්සාරණය පිළිබඳ දත්ත
හල්දුම්මුල්ලේ ප්‍රාග් ඓතිහාසික සොහොන් බිමෙන්
සොයාගන්නා ලද සුසාන භූමියේ කොටස්
එසේම ඔවුන් යකඩ නිස්සාරණය කළේ ද? එසේනම් ඒ කුමන අයුරින් ද යන්න පරීක්ෂා කිරීම ද ඊළඟ අරමුණ වී ඇත.
ඒ සඳහා භූ විද්‍යා අංශවලට අදාළ සාම්පල යවා ඇත. හල්දුම්මුල්ල ප්‍රදේශයේ ප්‍රාදේශික සමීක්ෂණවලින් තවත් සුවිශේෂි වැදගත් ස්ථාන දෙකක් සොයා ගෙන ඇති අතර එයින් මරංගහවෙල සිදු කරන ලද පර්යේෂණයන් සාර්ථක වී ඇත.
මේ වන විට සිදු කරන ලද පර්යේෂණයන්ගේ ප්‍රතිඵල අනුව අපේ යකඩ භාවිතය ක්‍රිස්තු පූර්ව 1750 ක් දක්වා දිව යන බව අනාවරණය වී තිබේ.
එහෙත් එම වසර ක්‍රි. පූර්ව 2000 ක් හෝ ඒ ආසන්න කාලයක් වනු ඇති බවට මහාචාර්ය සෝමදේව විශ්වාසය පළ කරයි. අවම වශයෙන් ක්‍රිස්තු පූර්ව 1750 ට ශතවර්ෂ 5 ක් වත් ඔබ්බට යන්නට තරම් අපේ යකඩ භාවිතය පැරැණි බවට ඔහු විශ්වාසය පළ කරයි.
යකඩ භාවිතය ගැන අපි ඉදිරියෙන්
ලෝකයේ පැරැණිම යකඩ භාවිත කළ අය ලෙසින් සලකන මධ්‍යධරණි ප්‍රදේශවල ශිෂ්ටාචාරය යකඩ භාවිතය ක්‍රි. පූර්ව 1700 ක් දක්වා වූ අතීතයකට දිව යයි. යුරෝපයේ එය ක්‍රිස්තු පූර්ව 700 ක් පමණ දක්වාත් ඉන්දියාවේ එය ක්‍රිස්තු පූර්ව 1200 ක් දක්වාත් අතීතයට විහිදී යයි.
මෙරට හල්දුම්මුල්ල ප්‍රදේශයෙන් මේ වන විටත් ක්‍රිස්තු පූර්ව 1750 ක පමණ කාලයකට පෙර යකඩ භාවිතය ගැන දැනගන්නට ලැබීමෙන් පෙනී යන්නේ ලොව යකඩ භාවිත කරන ලද පැරැණිම ජාතිකයන් අප රටේ සිටි බවයි. උඩවලව නිම්නය හරහා කඳුකරය දක්වා වූ මාර්ගයේ යකඩ භාවිතය සම්බන්ධව අධීක්ෂණ කටයුතු සිදු කෙරුණු අතර ඉහත පරිදි එයින් සාර්ථක ප්‍රතිඵල ලැබී ඇත. ක්‍රිස්තු පූර්ව 1750 යනු මොහෙන්දජාරෝ හරප්පා ශිෂ්ටාචාරය පරිණත වශයෙන් නාගරීකරණය වූ අවදියයි. එකල පටන් මෙරට කඳුකර වාසින් යකඩ භාවිත කර තිබීම මෙරට අභිමානය වැඩීමට හේතු වනු ඇත.
හල්දුම්මුල්ලේ ජනාවාසයක පිරික්සුම්
එසේම හල්දුම්මුල්ල ජනාවාසය සම්බන්ධව ද මේ වසර අවසන් වන විට ඉතා හොඳ තහවුරු කිරීමක් ලබා ගත හැකි වනු ඇතැයි මහාචාර්ය සෝමදේව විශ්වාසය පළ කරයි. හල්දුම්මුල්ල ප්‍රාදේශීය ප්‍රදේශවල සිදු කළ කැණීම්වලදී තේ වත්තක් තුළ තිබී ඉපැරැණි සුසාන භූමි දෙකක් සොයාගෙන ඇත. මරංගහවෙල සිට හපුතලේ දක්වා පැරැණි ගම්මාන 50 ක් පමණ සොයා ගෙන ඇති අතර අඩුම තරමින් මෙවන් ගම්මාන 200 ක්වත් සොයා ගැනීමට හැකි වනු ඇතැයි ආචාර්ය සෝමදේව විශ්වාසය පළ කරයි.
ඉදල්ගස්හින්න වැනි ඉතා ඉහළින් පිහිටි ප්‍රදේශවල ‘කාලරක්තවර්ණ’ වළං භාවිත කර ඇත.
හල්දුම්මුල්ල ප්‍රදේශයේ ඉතා පැරැණි නිවාසයක අත්තිවාරමක් සොයා ගෙන ඇති අතර එම අත්තිවාරම මතට ටොන් 50 ක පමණ විශාල ගල් පර්වතයක් වැටී තිබුණ අතර එය ඉවත් කර එම නිවාසයේ කාල නිර්ණය මේ වන විට සොයා ගෙන යන අතර මීට අවුරුදු 4000 කට පමණ පෙර ජනාවාස තොරතුරු එම පරීක්ෂණ අනුව සොයා ගත හැකි වනු ඇතැයි විශ්වාස කෙරේ.
එසේම අර්ධ මාණික්‍ය ගල් මෙවලම් ද (තෝරියනේට් පාෂාණය සහිත) සොයා ගන්නට ලැබීමෙන් පෙනී යන්නේ අපේ ඉතිහාසයේ පරිණාමය පිළිබඳව විශාල තොරතුරු සොයාගත හැකි බවයි.
ලොව ඉතිහාසයේ ඉහළම තැනට ගෙනයයි
සකපෝරුව වැනි උපකරණ භාවිත කිරීම මඟින් පෙනී යන්නේ අපේ ඉතිහාසය ඉතා දියුණු මට්ටමක පැවතුණ බවයි. ඒ අනුව ලොව යකඩ භාවිත කළ ප්‍රථම ජාතිය හෝ මුලින්ම මේ ලෝකයේ යකඩ භාවිත කළ ජාතින් අතර අප ද සිටින බව ද මෙම පර්යේෂණයන්ගෙන් තහවුරු වේ. එසේත් නැතිනම් මධ්‍යධරණි ප්‍රදේශය හා මෙරට වැසියන් අතර ඈත අතීතයේ සමීප සම්බන්ධතා ඇති වෙන්නට ඇතැයි සිතිය හැකිය.
කරුණු කෙසේ වුවත් අපේ රට ලොව ඉතිහාසයේ මුල් තැනකට අප ගෙන යන පර්යේෂණයන්ගේ ප්‍රතිඵල නොබෝ දිනකින්ම එළි දකිනු ඇත.
---------------------------------------------------------------------
Source :(රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මහාචාර්ය රාජ් සෝමදේව විසින් කළ දේශනයක් ඇසුරිනි).
තාරක වික්‍රමසේකර
උපුටා ගැනීමකි-
විජය පරපුර ලක් දෙරණ ශිෂ්ටාචාරගත කළ බව අපි දේව භාෂිතයක් ලෙස අදහමු.සියලුම දේ (අක්ෂර කලාව ,ගෘහ නිර්මාණ,වාරි තාක්ෂනය ........) අපට ලැබුනේ ඉන්දීයාවෙන් බවට මහාවංසය පදනම් කරගෙන අපට උගන්වති.නමුත් රුවන්වලිය ,අබයගිරිය වැනි ඇති දැවැන්ත දාගැබ් ද
කලාවැව,සොරබොර වැව ,පරාක්‍රම සමුද්‍රයය වැනි දැවැන්ත වාරි නිර්මාණ අපට තාක්ෂණ දී ශිෂ්ට තත්වයට ගෙන ආ බවට සිතන රටේ නැත(ඉන්දියාව) .එය පුදුමයට කරුණකි.කොටින්ම කියුවොත් අපේ පඩියන් අපට උගන්වන්නේ විජයල ඇතුළු පිරිස ලංකාවට අවේ නැත්තම් අපි තවමත් වැද්දන් ලෙස සිටිය යුතු බැවි.එහෙත් විජයාවතරණයට ද වසර සිය දහස් ගණකටත් පෙර මේ දෙරණ ශිෂ්ටාචාරගතව පැවති බව අද අපට පිළිගන්නට සිදුව ඇත.
හෙළ ගවේශන | Hela Gaweshana-2012
--------------------------
ලෝකයේ ඕනෑම රටක්, ජාතියක් මිනිස් කොට්ඨාසයක දියුණුව ශිෂ්ටාචාරයේ ඉහළ මට්ටම මැනීමට උපයෝගී කරගන්නේ ලෝහ භාවිතය කළ කාල වකවානු නිර්ණය කිරීමෙනි.
මෙරට යකඩ භාවිතය ගැන අතීතයේ සිට අද දක්වාම පැවතියේ ප්‍රධාන මත දෙකකි. එක් මතයක් වූයේ උතුරු ඉන්දීය ආර්යයන්ගෙන් යකඩ භාවිතයට අප හුරු වූ බවකි. අනෙක් මතය වූයේ දකුණු ඉන්දියාවෙන් යකඩ භාවිතයට අප හුරු වූ බවය.
එහෙත් පුරාවිද්‍යා මහාචාර්ය රාජ් සෝමදේව විසින් සිදු කරන ලද පර්යේෂණයන්ගේ ප්‍රතිඵල අනුව දැන් හෙළි වී ඇත්තේ මෙරට යකඩ භාවිත කළ බවට සැලකෙන කාල සීමාවට අවම වශයෙන් වසර 1000 කට පෙර සිටවත් කඳුකර ප්‍රදේශවල විසු ජනයා යකඩ භාවිතය ඇරැඹු බවයි. මෙය රටේ අනන්‍යතාවය දැඩි ලෙසින්ම ඉදිරියට ගෙන යාමට හැකි වනු හේතුවක් වනු ඇත.
රංචාමඩ මේ පර්යේෂණ
ඇඹිලිපිටියේ රංචාමඩම නැමැති පැරැණි ගම්මානයක් පරීක්ෂා කිරීමේදී නිවාසයක පාදම හමු වී ඇත. වරිච්චි නිවසක් වන එහි අභ්‍යන්තරය පරීක්ෂා කිරීමේදී මුළුතැන්ගෙයත් ළිපත් හමු වී ඇත. ළිපෙහි අඟුරු කාල නිර්ණ පරීක්ෂාවට යැවූ අතර එහිදී එම අඟුරු ක්‍රි. පූර්ව 1120 තරම් පැරැණි යුගයකට අයත් බව තහවුරු වී ඇත.
නිවාසයට ආසන්නයේ ඇති ඉපැරැණි සුසාන භූමියකින් තහවුරු වී ඇත්තේ එහි සුසාන චාරිත්‍ර කර ඇති බවය. මෙම ගම්මානය තවදුරටත් පරීක්ෂා කිරීමේදී සකපෝරුවේ තනන ලද වළං ද හමු වී ඇත.
රංචාමඩම ප්‍රාග් ඓතිහාසික ගම්මානයේ සොයාගත් කොටස්
මෙය ඉතා හොඳ සාක්ෂ්‍යයක් වූයේ මෙරට යකඩ භාවිතය ගැන කාල නිර්ණයකට ඒම සඳහායි. රංචා මඩම තිබුණ යකඩ ආයුධ ක්‍රි. පූ. 1120 පමණ කාලයට අයත් ඒවා බව තහවුරු වී තිබේ. එම නිසා එම ප්‍රදේශයෙන් හමු වූ සුසාන භූමියත් රංචා මඩම ප්‍රදේශයත් අතර සමීප සබඳතාවක් තිබු බව මින් පැහැදිලිය.
එසේම රංචා මඩම තුළ ගල් ආයුධත් තිබී හමු වී ඇති අතර එයින් පැහැදිලිව හඳුනා ගත හැක්කේ ගල් ආයුධ භාවිත කළ අය ඒ වන විට යකඩ භාවිතයට හුරු වූ බවකි. ඔවුන් යකඩ ලෝහය හඳුනාගෙන ඇති බව ද ඉන් මනාව පැහැදිලිය.
බළන්ගොඩ මානවයාගේ දියුණුව
ගල් යුගයෙන් ලෝහ යුගයට පිවිසි සංක්‍රාන්ති යුගය ගැන 1956 සිටම පර්යේෂණ සිදු කරමින් පවතී. ආචාර්ය පී. බී. දැරණියගලයන් මුලින්ම මේ සම්බන්ධව දීර්ඝ ලෙස පර්යේෂණ සිදු කර ඇති අතර ආචාර්ය ශිරාන් දැරණියගලයන් ද මේ සම්බන්ධව මේ වන විට පර්යේෂණ සිදු කරමින් සිටී. මේ සංක්‍රාන්ති යුගය ගැන පර්යේෂණ කරමින් ආචාර්ය පී. බී. දැරණියගලයන් විසින් කල්තොට ප්‍රදේශයේ උඩුපියන්ගල්ගේ පර්යේෂණයට භාජනය කරන ලදී.
එම ගල් ගෙය පරීක්ෂණයට භාජනය කිරීමේදී ගල් ආයුධ භාවිත කළ අපේ රටේ සිටි බළන්ගොඩ මානවයා ඇතුළු පිරිස යම්කිසි ඉදිරි දියුණුවක් ලබාගෙන ඇතැයි ද ආචාර්ය දැරණියගල අනුමාන කළේය. ඉදිරි දියුණුවක් සහිත ඒ සංස්කෘතිය ඔහු ‘ෆෙරෝලෙසක’ සංස්කෘතිය ලෙසත් නම් කරන ලදි. එසේම ආචාර්ය ශිරාන් දැරණියගලගේ මතය වූයේ ගල් ගුහාවලින් සාක්ෂ්‍ය සොයා ගැනීම අසීරු බවයි. ගල් ගුහා පසු කලෙක භික්ෂුන් වහන්සේ විසින් භාවිත කළ නිසා ක්‍රමයෙන් දඩයම අඩුවීම නිසා නව සංස්කෘතියකට ජනතාව හුරු වෙන්නට ඇතැයි ඔහු අනුමාන කරයි.
කල්තොට සිට කඳුකරය දක්වා පර්යේෂණ
රංචා මඩම ගල් ආයුධවලට අමතරව සොයා ගන්නට ලැබුණු මැටි මූර්ති ආදියෙන් ද මේ ශිෂ්ටාචාරය ගැන වැදගත් විස්තර සොයා ගත හැකි විය. ගවයෙකුගේ ශෛලිගත මූර්ති හා කාන්තා ඇස් පැහැ ගන්වන අංජන කූරක් ද සොයා ගත හැකි විය.
මහාචාර්ය රාජ් සෝමදේවයන් මේ වන විට උත්සාහ කරනුයේ යකඩ මෙවලම් සෑදීමට පෙර ප්‍රාථමික අවදිය ගැන සොයා ගැනීමටයි. ඒ සඳහා කල්තොට සිට ඉහළ කඳුකරය පරීක්ෂා කිරීමේ ක්‍රියාදාමයක් අරඹන ලදි.
ඒ යටතේ හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවට අයත් පාරක පිහිටි සුසාන භූමි දෙකක් සොයාගෙන ඇත. එම සුසාන භූමි ක්‍රි. පූ. 1750 පමණ වනු ඇතැයි අනුමාන කර ඇති අතර ඔවුන් කෘෂිකර්මය කළ අය බවත් වළං සකපෝරුවේ සාදන ලද හා වළං පින්තාරු කරන ලද අය බවත් මෙහිදී සොයා ගෙන ඇත. එමෙන්ම එහි තිබු යකඩ කැබලි හා ආම්පන්න අනුව ඔවුන් යකඩ භාවිත කළ පිරිස් බවටත් හඳුනාගෙන ඇත. එහි තිබු ලෝහ මිශ්‍ර ගල් කොළඹ විශ්ව විද්‍යාලයේ න්‍යෂ්ටික විකිරණ විද්‍යා අංශයේ හා පරමාණුක බලශක්ති අධිකාරියේ විද්‍යාගාරයන්හි විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව එම පාෂාණයන්ගේ බහුලව යකඩ ඇති බව සොයාගෙන ඇත. මේ වන විට විශ්වාසය වී ඇත්තේ මේ පිරිස යකඩ හා යකඩ මිශ්‍ර ගල් භාවිත කළ බවයි.
යකඩ නිස්සාරණය පිළිබඳ දත්ත
හල්දුම්මුල්ලේ ප්‍රාග් ඓතිහාසික සොහොන් බිමෙන්
සොයාගන්නා ලද සුසාන භූමියේ කොටස්
එසේම ඔවුන් යකඩ නිස්සාරණය කළේ ද? එසේනම් ඒ කුමන අයුරින් ද යන්න පරීක්ෂා කිරීම ද ඊළඟ අරමුණ වී ඇත.
ඒ සඳහා භූ විද්‍යා අංශවලට අදාළ සාම්පල යවා ඇත. හල්දුම්මුල්ල ප්‍රදේශයේ ප්‍රාදේශික සමීක්ෂණවලින් තවත් සුවිශේෂි වැදගත් ස්ථාන දෙකක් සොයා ගෙන ඇති අතර එයින් මරංගහවෙල සිදු කරන ලද පර්යේෂණයන් සාර්ථක වී ඇත.
මේ වන විට සිදු කරන ලද පර්යේෂණයන්ගේ ප්‍රතිඵල අනුව අපේ යකඩ භාවිතය ක්‍රිස්තු පූර්ව 1750 ක් දක්වා දිව යන බව අනාවරණය වී තිබේ.
එහෙත් එම වසර ක්‍රි. පූර්ව 2000 ක් හෝ ඒ ආසන්න කාලයක් වනු ඇති බවට මහාචාර්ය සෝමදේව විශ්වාසය පළ කරයි. අවම වශයෙන් ක්‍රිස්තු පූර්ව 1750 ට ශතවර්ෂ 5 ක් වත් ඔබ්බට යන්නට තරම් අපේ යකඩ භාවිතය පැරැණි බවට ඔහු විශ්වාසය පළ කරයි.
යකඩ භාවිතය ගැන අපි ඉදිරියෙන්
ලෝකයේ පැරැණිම යකඩ භාවිත කළ අය ලෙසින් සලකන මධ්‍යධරණි ප්‍රදේශවල ශිෂ්ටාචාරය යකඩ භාවිතය ක්‍රි. පූර්ව 1700 ක් දක්වා වූ අතීතයකට දිව යයි. යුරෝපයේ එය ක්‍රිස්තු පූර්ව 700 ක් පමණ දක්වාත් ඉන්දියාවේ එය ක්‍රිස්තු පූර්ව 1200 ක් දක්වාත් අතීතයට විහිදී යයි.
මෙරට හල්දුම්මුල්ල ප්‍රදේශයෙන් මේ වන විටත් ක්‍රිස්තු පූර්ව 1750 ක පමණ කාලයකට පෙර යකඩ භාවිතය ගැන දැනගන්නට ලැබීමෙන් පෙනී යන්නේ ලොව යකඩ භාවිත කරන ලද පැරැණිම ජාතිකයන් අප රටේ සිටි බවයි. උඩවලව නිම්නය හරහා කඳුකරය දක්වා වූ මාර්ගයේ යකඩ භාවිතය සම්බන්ධව අධීක්ෂණ කටයුතු සිදු කෙරුණු අතර ඉහත පරිදි එයින් සාර්ථක ප්‍රතිඵල ලැබී ඇත. ක්‍රිස්තු පූර්ව 1750 යනු මොහෙන්දජාරෝ හරප්පා ශිෂ්ටාචාරය පරිණත වශයෙන් නාගරීකරණය වූ අවදියයි. එකල පටන් මෙරට කඳුකර වාසින් යකඩ භාවිත කර තිබීම මෙරට අභිමානය වැඩීමට හේතු වනු ඇත.
හල්දුම්මුල්ලේ ජනාවාසයක පිරික්සුම්
එසේම හල්දුම්මුල්ල ජනාවාසය සම්බන්ධව ද මේ වසර අවසන් වන විට ඉතා හොඳ තහවුරු කිරීමක් ලබා ගත හැකි වනු ඇතැයි මහාචාර්ය සෝමදේව විශ්වාසය පළ කරයි. හල්දුම්මුල්ල ප්‍රාදේශීය ප්‍රදේශවල සිදු කළ කැණීම්වලදී තේ වත්තක් තුළ තිබී ඉපැරැණි සුසාන භූමි දෙකක් සොයාගෙන ඇත. මරංගහවෙල සිට හපුතලේ දක්වා පැරැණි ගම්මාන 50 ක් පමණ සොයා ගෙන ඇති අතර අඩුම තරමින් මෙවන් ගම්මාන 200 ක්වත් සොයා ගැනීමට හැකි වනු ඇතැයි ආචාර්ය සෝමදේව විශ්වාසය පළ කරයි.
ඉදල්ගස්හින්න වැනි ඉතා ඉහළින් පිහිටි ප්‍රදේශවල ‘කාලරක්තවර්ණ’ වළං භාවිත කර ඇත.
හල්දුම්මුල්ල ප්‍රදේශයේ ඉතා පැරැණි නිවාසයක අත්තිවාරමක් සොයා ගෙන ඇති අතර එම අත්තිවාරම මතට ටොන් 50 ක පමණ විශාල ගල් පර්වතයක් වැටී තිබුණ අතර එය ඉවත් කර එම නිවාසයේ කාල නිර්ණය මේ වන විට සොයා ගෙන යන අතර මීට අවුරුදු 4000 කට පමණ පෙර ජනාවාස තොරතුරු එම පරීක්ෂණ අනුව සොයා ගත හැකි වනු ඇතැයි විශ්වාස කෙරේ.
එසේම අර්ධ මාණික්‍ය ගල් මෙවලම් ද (තෝරියනේට් පාෂාණය සහිත) සොයා ගන්නට ලැබීමෙන් පෙනී යන්නේ අපේ ඉතිහාසයේ පරිණාමය පිළිබඳව විශාල තොරතුරු සොයාගත හැකි බවයි.
ලොව ඉතිහාසයේ ඉහළම තැනට ගෙනයයි
සකපෝරුව වැනි උපකරණ භාවිත කිරීම මඟින් පෙනී යන්නේ අපේ ඉතිහාසය ඉතා දියුණු මට්ටමක පැවතුණ බවයි. ඒ අනුව ලොව යකඩ භාවිත කළ ප්‍රථම ජාතිය හෝ මුලින්ම මේ ලෝකයේ යකඩ භාවිත කළ ජාතින් අතර අප ද සිටින බව ද මෙම පර්යේෂණයන්ගෙන් තහවුරු වේ. එසේත් නැතිනම් මධ්‍යධරණි ප්‍රදේශය හා මෙරට වැසියන් අතර ඈත අතීතයේ සමීප සම්බන්ධතා ඇති වෙන්නට ඇතැයි සිතිය හැකිය.
කරුණු කෙසේ වුවත් අපේ රට ලොව ඉතිහාසයේ මුල් තැනකට අප ගෙන යන පර්යේෂණයන්ගේ ප්‍රතිඵල නොබෝ දිනකින්ම එළි දකිනු ඇත.
--------------------------
Source :(රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මහාචාර්ය රාජ් සෝමදේව විසින් කළ දේශනයක් ඇසුරිනි).
තාරක වික්‍රමසේකර
උපුටා ගැනීමකි-
0 comments:
Post a Comment