ID නම්බර් එකෙන් උපන් දිනය හොයන ක්රමය.........
ඔන්න අදත් ටිකක් උදෙන් නැගිටලා ෆෙස් බුකිය පැත්තට ආවා.....ඇවිත් ටිකක් වට පිට බලලා පරිඝණක උදව් පැත්තට ආවම උඩින්ම කතා බහක් යනවා ID එකෙන් උපන් දිනය හොයන එකක් ගැන...අහ්හ් දැක්ක ගමන් මට හිතුනා උදේ පාන්දර බ්ලොග් එකක් ලියන්න Topic එකක් සෙට් උනා කියලා මොකද ඔකට Software ඔනේ නැති ක්රමයක් තියෙන නිසා....හික් හික්
ඉතින් මෙක කරන විදිය කියලා දෙන්නම්......අපි නම් මෙක තමා ඔෆිස් වල පාවිච්චි කරන්නෙ උපන් දිනය හොයාගන්න.....ගැහැණු අයට පොඩි වෙනසක් තියෙනවා එකත් කියලා දෙන්නම්...... ඔයාලා හැමොම ගාව Excel තියෙනවානේ....ඔනෙම Version එකක් අවුලක් නැහැ....
ඉතින් මුලින්ම Excel එකක් Open කරගන්න
දැන් ඔයාලගේ නම්බර් එකේ පලවෙනි ඉලක්කම් දෙකට පස්සේ එන ඉලක්කම් තුන Excel එකෙ Type කරන්න
උදා :- 85125*****V = 125
දැන් එක Type කරපු කොටුවේ Format එක Date වලට මාරු කර බලන්න
අවුරුද්ද නම් ගණන් ගන්න එපා.. උපන්දිනෙ මැයි 4..... මාසය/දිනය/ අවුරුද්ද එ ව්දිහටනේ එන්නෙ..... උත්සහ කරලා බලන්න
කාන්තා පක්ෂය උඩ බිම බලනවා ඇති දැන් හික් හික්.... කාන්තා නම්බර් වල 500ක් වැඩි නේ... ඉතින් 500ක් අඩු කරන්න ඔනේ අර කිව්ව ඉලක්කම් 3න්...
උදා :- 86625******V = 625 - 500 = 125
ඊට පස්සෙ අර පියවර ටිකම තමා ඉතින්.උත්සහයක් දාලා බලලා ප්රතිචරයකුත් දාලා යන්න ඔක්කොමලා!!
1 comments:
Phone number eken id number eka hoyaganna bari da
Post a Comment