අන්තර් ජාල ලියමන.......
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg1sp_gqvcCVl6cDNMouJKSBiquC5P2D_otCHTcXg4TE3Mq-aRk2Plg-nzfmpYHmk08sY-7rvb1f4FFWN7EEhX2kqkGuTGVQuiUFXgVTQu7HcVdCkLRA_eRbAFGq4ww3uaE6HNkmWrbrESe/s320/Skype-4-para-Windows_0.jpg)
තෙරැවන් සරණයි.
ආදරණීය පොඩි දුවට...
දුව එවපු ලිපිය ලැබුණා. හැමෝම සතුටින් ඉන්නව කියල දැනගත්තාම අප්පචිගෙ හිතටත් දැන් සහනයක් ලැබිල. දුව ගැනමයි හැම වෙලාවෙම හිතන්නෙ.
පොඩි මල්ලිත් ගිය සුමානෙ ලියමනක් එවල තිබුන. කරදරයක් නැහැලු. දානෙ කටයුතුත් හොඳට සිද්ධ වුණා. අම්මගෙ උණුහුමින් මුහුදු හතක් දුර ඉඳල උණත් මගේ නමට
අම්මගෙ අත් අකුරින් ලියුමක් ආපු වෙලාවෙ දැනුනෙ අම්මගෙ සුවඳ මං ළඟම දැවටෙනව වගේ කියල. මගේ හිත කියවන්න අම්ම තරං දන්න වෙන කෙනෙක් නෑ.
ඒ හිංදම අම්ම එවපු ලියුම්වල අඩුවක් මට දැනිල නෑ. ඔක්කෝම විස්තර හරි අපූරැවට ගලපල ලියල එවනව. ඒත් දැං....
“හලෝ කවුද කථා කරන්නේ?“
“අම්මේ මම Skype online එන්නකෝ“
“අහ්.. පොඩිදුව ටිකක් ඉන්න අප්පච්චි log වෙනකල්“
අරහෙන් මෙහෙන් විස්තර ටිකක් කථා කරනවා. මූණ බලාගෙන ඒ කථා කරන ටික මට හුඟාක් වටිනවා. වදෙන් පොරෙන් කථා කරන විනාඩි දෙක තුනටත් signal
හරස් වෙනව. අම්මගෙ හිනාවයි, අප්පච්චිගෙ මූනයි, දැක්කාම හිතටයි, ගතටයි, මුළු දවසටම හොඳයි.
ඒත් අම්මගෙ අත්අකුරින් ලියල එවන ලියුම සති ගාණක් පරක්කු වෙලා හම්බ උණත් ඒ වෙලාවෙ හිතට දැනෙන සතුටයි. ලියුම කියවද්දි මැවිල පේන අම්මගෙ හිනාවයි.
පෙළින් පෙළට මතක් වෙන යටගියාවයි skype call එකෙන් නම් කවදාවත් තාමත් මට දැනිල නෑ. මං හිතන්නේ අම්මටත් එහෙම වෙන්ඩ ඇති. ආපේ සමාජයත්
දැං බටහිරකරණයට අහුවෙලා ඉවරයි. සම්ප්‍රදායික ක්‍රමේට ලියුං ලියපු කාලෙ ගියා. දැං හැම තැනම රජ කරන්නේ නූතන තාක්ෂණේ යොධ හෙවනැලි. ඉස්සර පිටරටින් ලියුමක්
එනකල් සතියක් නැත්තම් මාසයක් දෙකක් බලාගෙන ඉන්නෙ නොඉවසිල්ලෙන්. අද එක දුරකථන ඇමතුමක් හරි skype call එකක් හරි ඇති විස්තර ඔක්කොම දැනගන්න.
ඒත් තාක්ෂණනේ කොයිතරම් දියුණු උණත් ලියුමකින් කියවන වෙලාවට දැනෙන ලෙංගතුකම, උණුසුම, හිතවත්කම skype call වලින් නම් දැනෙන්නේ නෑ.
“බුදු සරණයි
එහෙනං අපි sign out වෙනවා....“
0 comments:
Post a Comment