SETTdeco යුනිකේත විකේතකය යනු...




*සෙට්ඩිකෝ (SETTdeco) යුනිකේත විකේතකය යනු පාඨක පරිගණකයේ සිංහල යුනිකේත සහයෙන් ස්වායත්තව, ඕනෑම පාඨකයෙකුට ඕනෑම පරිගණකයකින් සිංහල/දෙමළ වෙබ් පිටු කියවිය හැකි කරවන, වෙබ් විජට්ටුවක් ආධාරයෙන් සපයනු ලබන වෙබ් සේවාවකි.


*SETTdeco විජෙට්ටුව ඔබ ඔබේ අඩවියට එක් කරගත් පසු, යම් පාඨකයෙක් ඔබේ අඩවියට පිවිසෙන විටම ඔහුගේ හෝ ඇයගේ පරිගණකයේ සිංහල යුනිකේත සහය තිබේද නැද්ද යන්න SETTdeco යුනිකේත විකේතකයෙන් පරීක්ෂා කර හඳුනා ගනු ලබයි.


*ඔබේ පාඨකයාගේ පරිගණකයේ සිංහල සහය ඇති බවට හඳුනාගනු ලැබුණහොත් SETTdeco විකේතකයෙන් කිසිඳු කාර්යයක් සිදුනොවෙයි. නමුත් ඔබේ පාඨකයාගේ පරිගණකයේ සිංහල සහය නොමැති බවට හඳුනාගනු ලැබුණහොත්, SETTdeco යුනිකේත විකේතකය මැදිහත් වී ඔබේ අඩවියේ ඇති සිංහල අන්තර්ගතයන් විකේතනය (decode) කර, නිසි ආකාරයෙන් එම අන්තර්ගතයන් ‍පෙන්වනු ලබයි.


*ඊට අමතරව, සිංහල සහය නොමැති පාඨකයන්ට ඔවුන්ගේ පරිගණකයේ සිංහල සහය නොමැති බව මෙමඟින් දැනුම් දෙන අතර, සිංහල යුනිකේත ස්ථාපනය කරගැනීම සඳහා අවශ්‍ය උපදෙස් වෙත ‍යොමු කරවීමද සිදු කරනු ලබයි.


0 comments:

Post a Comment

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.

Chitika

 
_______________________________________© ST STUDIO 2011 All Rights Reserved | Design by ST STUDIO _______________________________________