
මරණාසන්න මොහොතේ සිටින පුද්ගලයෙකුට පවා දෙළුම් යුෂ පානයට ලබා දීම මඟින් හෝරා කිහිපයක් හෝ පණ නල රඳවා තබා ගත හැකි බව කුඩා කළ සිට අප අසා ඇති කියමනකි.
ඒ දෙළුම් වල ඇති සුවිශේෂී උසස් පෝෂණ ගුණයේ ඇති වටිනාකම හා ඖෂධීය වැදගත්කම අප මුතුන් මිත්තන් තුල පැවති දැනුම නිසාවෙනි.
ඉතාමත් සිත් ගන්නා සුළු ඇතුලත පැහැයකින් යුතු දෙළුම් ශ්රී ලංකාවේ වියළි කලාප වල සාරවත් ව හැදෙන පලතුරු විශේෂයක් වන අතර පිටරට වලින් ආනයනය කරන දෙළුම් ද අධික මිළකින් යුතු වෙයි.

සිරුරේ ශක්තිය මනාව පවත්වා ගෙන යාමට මෙන්ම සම පැහැපත් කිරීමට ද දෙළුම් වලට ඇත්තේ ඉහළ ශක්යතාවයකි. දිනපතාම ඉතා තද රසයකින් යුතු දෙළුම් යුෂ අවුන්ස 8 ක් පානය කිරීම මඟින් සැලකිය යුතු මට්ටමකට පිළිකා කාරක රෝගී තත්ත්වයන් වැඩී යාම අවම කර ගත හැකි බව පර්යේෂණ මඟින් තහවුරු වී ඇත.
රුධිර නාල වල ක්රමවත් ක්රියාකාරීත්වයට ජවය සපයන දෙළුම් වල විටමින් B1, B3, C හා කැල්සියම් අන්තර්ගත වේ.
සිරුරට හානි කරවන තත්ත්වයන් සමඟ සටන් කරමින් ඔබේ සිරුරට ආරක්ෂාව සැපයීමට දෙළුම් මහත් ගුණ දෙන පලතුරකි.

