ST STUDIO

www.ststudio.net46.net

ST STUDIO

www.ststudio.net46.net

ST STUDIO

www.ststudio.net46.net

ST STUDIO

www.ststudio.net46.net

ST STUDIO

www.ststudio.net46.net

www.ststudio.net46.net

පිළිකා කාරකයන් සමඟ සටන් කරන දෙළුම්

0 comments




මරණාසන්න මොහොතේ සිටින පුද්ගලයෙකුට පවා දෙළුම් යුෂ පානයට ලබා දීම මඟින් හෝරා කිහිපයක් හෝ පණ නල රඳවා තබා ගත හැකි බව කුඩා කළ සිට අප අසා ඇති කියමනකි.

ඒ දෙළුම් වල ඇති සුවිශේෂී උසස් පෝෂණ ගුණයේ ඇති වටිනාකම හා ඖෂධීය වැදගත්කම අප මුතුන් මිත්තන් තුල පැවති දැනුම නිසාවෙනි.

 ඉතාමත් සිත් ගන්නා සුළු ඇතුලත පැහැයකින් යුතු දෙළුම් ශ්‍රී ලංකාවේ වියළි කලාප වල සාරවත් ව හැදෙන පලතුරු විශේෂයක් වන අතර පිටරට වලින් ආනයනය කරන දෙළුම් ද අධික මිළකින් යුතු වෙයි.




 සිරුරේ ශක්තිය මනාව පවත්වා ගෙන යාමට මෙන්ම සම පැහැපත් කිරීමට ද දෙළුම් වලට ඇත්තේ ඉහළ ශක්‍යතාවයකි. දිනපතාම ඉතා තද රසයකින් යුතු දෙළුම් යුෂ අවුන්ස 8 ක් පානය කිරීම මඟින් සැලකිය යුතු මට්ටමකට පිළිකා කාරක රෝගී තත්ත්වයන් වැඩී යාම අවම කර ගත හැකි බව පර්යේෂණ මඟින් තහවුරු වී ඇත.

 රුධිර නාල වල ක්‍රමවත් ක්‍රියාකාරීත්වයට ජවය සපයන දෙළුම් වල විටමින් B1, B3, C හා කැල්සියම් අන්තර්ගත වේ.

 සිරුරට හානි කරවන තත්ත්වයන් සමඟ සටන් කරමින් ඔබේ සිරුරට ආරක්ෂාව සැපයීමට දෙළුම් මහත් ගුණ දෙන පලතුරකි.

විශාලතම සයිබර් ප්‍රහාරය

0 comments


අන්තර්ජාල ඉතිහාසය තුල මෙතෙක් වාර්තාවූ විශාලතම සයිබර් ප්‍රහාරය


අන්තර්ජාල ඉතිහාසය තුල මෙතෙක් වාර්තාවූ විශාලතම සයිබර් ප්‍රහාරය නිසා අන්තර්ජාලය මන්දගාමී වේ

අන්තර්ජාල ඉතිහාසය තුල මෙතෙක් වාර්තාවූ විශාලතම සයිබර් ප්‍රහාරය අද (27) වාර්තා වුණා.

එම හේතුව නිසා අද දිනයේ ලෝකයේ විවිධ රටවල් වල අන්තර්ජාල වේගය මෙතෙක් නොවූ විරූ තරම් මන්දගාමී වී තිබෙනවා.




මෙම ගැටලුවට මුලික හේතුව වී තිබුනේ අන්තර්ජාලයේ ස්පෑම් (අන්තර්ජාලයේ අනවශ්‍ය දේවල් ) නැවත්වීම සඳහා ක්‍රියාකරන ලාභ නොලබන සංවිධානයක් වන ස්පෑම් හෝස් නම් ආයතනයක් සහ ස්යබර් බංකර් නම් වෙබ් හොස්ටින් සමාගමක් අතර ඇතිවුනගැටුමකි.



ස්පෑම් හෝස් විසින් අන්තර්ජාලයේ , විද්‍යුත් ලිපිනයන්ට ලැබෙන ලිපි වලටලැබෙන අනවශ්‍ය අන්තර්ගතයන් හදුනාගෙන ඒවා අවහිර කිරීමට ලක්කරයි.

මෑතකදී ඔවුන් විසින් විසින් "සයිබර් බංකර්" නම් වෙබ් හොස්ටින් සමාගමක් ත්‍රස්තවාදය හා ළමා ලිංගික ක්‍රියා ප්‍රවර්ධනය හේතුවෙන් ඔවුන්ව ස්පෑම් හෝස් වෙබ් අඩවියේ "අවහිර කරන ලද ලැයිස්තුවට" (Block List) එකතුකොට ඇත.

මේ හේතුවෙන් කෝපයට පත් "සයිබර්බංකර්"ආයතනය නැගෙනහොර යුරෝපයේ හා රුසියාවේ වෙසෙන අන්තර්ජාල අපරාධකරුවන් සමග එක්ව මෙම ප්‍රහාරය දියත්කොට ඇත.



සයිබර් බංකර් ආයතනයේ ප්‍රධානියා වන "ස්වෙන් ඔලාෆ් කම්පුඉෆ්" ප්‍රකාශකොට සිටින්නේ මෙවැන්නක් .
ස්පෑම් හෝස් ඔවුන්ගේ බලය අනිසි ලෙස භාවිතා කරනවා. ඔවුන්ට තීරණය කරන්න දෙන්න බැහැ අනතර්ජාලයේ පෙන්විය යුතු දේ සහ නැති දේ.
ලොව පුරා සිටින ස්පෑම්කරුවන් එක්වී සිදු කල මෙම DDoS(distributed denial of service) ප්‍රහාරය නිසා අන්තර්ජාලය හරහා චිත්‍රපට නැරඹීමේ පහසුකම ලබාදෙන Netflix වැනි වෙබ් අඩවි වලට දැඩි බලපෑමක් එල්ලවී තිබුණා.

එම සයිබර් ප්‍රහාරය නිසා වෙබ් අඩවි නාමකරණයේ තොරතුරු අඩංගු සර්වර් වල දත්ත පරිශීලනයේ තදබදයක් ඇතිවන නිසා එම සර්වර් අඩපන වීමක් සිදුවී වෙබ් අඩවි වලට පිවිසීමට බාධා එල්ලවී තිබෙනවා.



තත්පරයට ගිගාබයිට් 50ක ප්‍රහාරයක් නිසා මෙලෙස අන්තර්ජාලය තුල තදබදයක් ඇතිවන අතර අද දිනයේ වූ ප්‍රහාරය තත්පරයකට ගිගාබයිට් 300ක පමණ එකකි.


රටවල් 5ක අන්තර්ජාල පොලීසි විසින් මේ පිළිබඳව පරීක්ෂණ කිරීම මේ වනවිට අරඹා තිබේ.

මෙම ප්‍රහාරයෙන් ලංකාවට වී ති බලපෑම පිලිබඳ සොයා බැලු එක්ස් ගොසිප් හට වාර්තා වුයේ ශ්‍රී ලංකා ටෙලිකොම් , මොබිටෙල් වැනි අන්තර්ජාල සේවා අද දිනයේ අන්තර්ජාල වේගය අඩුවීමකට ලක්ව ඇති බවය.


මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.

Chitika

 
_______________________________________© ST STUDIO 2011 All Rights Reserved | Design by ST STUDIO _______________________________________