ST STUDIO

www.ststudio.net46.net

ST STUDIO

www.ststudio.net46.net

ST STUDIO

www.ststudio.net46.net

ST STUDIO

www.ststudio.net46.net

ST STUDIO

www.ststudio.net46.net

www.ststudio.net46.net

පිටිකිරි බොනවාද ? දැනුවත් වී බොනව නම් බොන්න....

0 comments


පිටිකිරි බොනවාද ? දැනුවත් වී බොනව නම් බොන්න....



කිරිපිටි නම් වූ වෙළද භාණ්ඩය  අප ජීවන රටාවට කොතරම් සමීපව බද්ධව ඇද්ද යන්න, ඒ පිටුපස ඇති වෙළද සැලසුම් හා සංකල්ප නොදැනෙන  තරමටම ප්‍රභල වී ඇත.ශක්තිජක පානයක්,උත්තේජකර හෝ ආහාරමය පානයක් ලෙස   භාවිතයට ගන්නා කිරිපිටි ,  සැබවින්ම බලාපොරොත්තුවන ගුණ වලින් සමන්විත වේද?
අපට මැවී ඇති චිත්‍රය නිවැරදිද?කිරිපිටි වල සෞඛ්‍යමය හිතකර/අහිතකරභාවය පිළිබද සොයා බලමු....



උදෑසන ප්‍රථම ආහාරය ලෙස කිරිපිටි වීදුරුවක්‌ පානය කිරීම මෝස්තරයකින් ඇරඹ පසුව එය පරම්පරාවෙන් දායාදය වන පුරුද්දක් බවට පත් වී ඇත.දවසට අවශ්‍ය ශක්තිය ,ජවය ලබන ප්‍රධාන ප්‍රභවය ලෙසද ,ඇතැම් විට ඒ හා බැදුණු තවත් පුරුදු ඇති වන තරමටම කිරිපිරි වලට අප ඇබ්බැහි වී ඇත.මේ අවසාන පුරුද්ද හුදු අහම්බයක් නොවන බව වටහා ගත යුතුය.කිරිපිටි අත්‍යවශ්‍ය ආහාරයක් බව ඒත්තු ගන්වා තමාට වෙළදපොලක් බිහිකර ගැනීම දක්වා ඒ පිටුපස ක්‍රියාත්මක වූ බහුජාතික සමාගම් ගැන අප විමසීමක් නොකරන්නේ,මෙහි ඇති භයානක හා අවාසිදායක පැති නොදකින්නේ අදාළ සමාගම්වල සාර්ථක වෙළද සැලසුම් නිසාමය.

නානාප්‍රකාර නම්වලින් සහ ඇසුරුම් වලින් වෙළද පොලේ දකින්නට ලැබුණත්  ශ්‍රී ලංකාවට කිරිපිටි ගෙන්වන්නේ සමාගම් දෙකකින් පමණි.ඒ නවසීලන්තය සහ ඕස්ට්‍රේලියා රටවල ප්‍රධාන බහු ජාතික සමාගම් දෙකකි. මෙලෙස ආනයනය කර සම්පුර්ණ යොදය සහිත කිරි ලෙස අපට විකුණන කිරි වල සැබෑවට අන්තර්ගත වන්නේ සකස් කර බාල කරන ලද කිරිපිටි බව පෙරළිකාර සොයා ගැනීමක් වී ඇත.එළකිරි වල අඩංගු සැබෑ යොදය වෙනුවට ඌරු තෙල් ,පොල් තෙල් සහ වෙනත් තෙල් වර්ග අඩංගු කර නැවත බාල ලෙස සකස් කරන බව එංගලන්තයේ සුප්‍රසිද්ධ රසායනාගාර සේවයක් වන "එක්ලිප්ස්"  මගින්  පර්යේෂණ කර  සොයාගෙන ඇත.මෙහි ඇති හාස්‍යජනක ස්වභාවය නම් එළකිරිවල ඉතාම පෝෂ්‍යදායී කොටස් එම රටවල චීස් බටර් නිෂ්පාදනයට යොදාගෙන ඉන් ඉතුරුවන රොඩ්ඩ අප වැනි ආසියාතික  රටවලට ලාබෙට  එවීමයි.මෙලෙස අඩුමිලකට සකස් කරන ලද පිටි එවන බව මෙරටට කිරිපිටි ගෙන්නන එක් සමාගමක් වන ෆොන්ටෙරා සමාගමේ ප්‍රධානියෙකු පිළිගෙන ඇත.අඩුමිලක විකුණන ව්‍යාජ්‍ය කිරිපිටිවල නිරුවත වසාගෙන ඇත්තේ දැවැන්ත ප්‍රචාරක යුද්ධයක් මගිනි.අද රුපවාහිනිය නරඹන විට කොතරම් ප්‍රතිශතයක් කිරිපිරි දැන්වීම් යයිද යන්න නිරීක්ෂණය කිරීමෙන් ඔවුන් මැවීමට යන චිත්‍රය පිළිබද දැන්වත් විමසිලිමත් වන්න.දැවැන්ත ලෙස වඩාත් සංවේදී තැන් ස්පර්ශ කරමින් ප්‍රචාරක ව්‍යාපාරයක ග්‍රහණයට අප හසු වී ඇත.

අත්‍යවශ ආහාරයක් ලෙස සිත් තුලට කැවීමට උත්සුක නොවන්නේ නම් කිරිපිටි මිල රු.30කින් අඩු කල හැකි බව ගණනය කර තිබේ.ඇමරිකානු සෞඛ්‍ය ආයතනයේ ජෝන් වීස්බර්ග් පවසන්නේ තේ වලින් ලැබෙන නිසි ගුණය ලැබෙන්නේ කිරි නොදා පානය කල විට බවයි.තේ වල ඇති මහගු ගුණයක් වන හර්ද රෝග සහ පිලිකා නැති කිරීමේ ගුණය කිරි යෙදීමෙන් හීන වන බව ඔහු පෙන්වා දෙයි.

බලාපොරොත්තුවන ගුණය නොලබෙනවට වඩා ඔබ්බට  ගිය හානියක් කරන  ආනයනය කරන ලද කිරිපිටි, රෝග රැසකට මුලපුරන බව ඔබ දන්නේ නම් කිසි දිනක රටපිටිකිරි භාවිතා නොකරන බවට නිසැකය. ඒවා සෘජුව වකුගඩු අක්‍රමිකතා ,දියවැඩියාව,අධි රුධිර පීඩනයට හා ඇතැම් පිළිකා තත්ත්ව වලට  බලපාන බව වයිද්යවරු විසින් තහවුරු කර ඇත.චීනයේ කිරිපිටි පානය කර මියගිය ළදරුවන් සමග ඇති වූ  රැල්ලත් සමග ලංකාවේද “මෙලමයින් ”නමැති රසායන ද්‍රව්‍යය ඇත්දැයි පරීක්ෂා කෙරුණි.එහිදී චීනයේ තරම් නොවුනත් යම්කිසි ප්‍රතිශතයක් ඇති බව තහවුරු විය.මෙවැනි රසායන ද්‍රව්‍ය දීර්ගකාලයක් ශරීරගත වූ විට දියවැඩියාව සෑදීමට ප්‍රවනතාවයක් ඇත.මෙරට නාගරික ජනග්‍රහණයෙන්  16% ක්ද ග්‍රාමීය ජනග්‍රහණයෙන් 8.6%ක්ද දියවැඩියාවට ගොදුරු වී ඇත.2000 වසරේ සිට  වසර 7 ක් තුල සමස්ත ජනග්‍රහණයෙන් දියවැඩියාව වැළදුණු ප්‍රමාණය 3.7% කින් වැඩිවීම ප්‍රශ්නාර්ථ ලකුණක් අප ඉදිරියේ ඉතුරු කරයි  "?"  .
මෙතරම් හානි ගෙනෙන රට පිටිකිරි ආනයනයට අවුරුද්දකට රුපියල් ලක්ෂ20,000 වැය කරයි.අතිශය නිරර්ථක හා හානිකර කිරිපිටි ගෙන්වීමට වැය වන විදේශ විනිමය අපට නවත්වා ගැනීමට නොහැකි වී ඇත්තේ ඇයි ? මේවයේ සත්‍ය ස්වභාවය තවමත් වසන් වී ඇත්තේ ඇයි? දේශීය කිරි නිෂ්පාදනය නගා සිටුවා රටට ගුණදායක දේවල් වෙළදපොලට නිකුත් කිරීමට රජයන්ට නොහැකි වී ඇත්තේ අදාළ බහුජාතික සමාගම් අප සිරකොට ඇති නිසාවෙනි .අධිරාජ්‍යවාදය පැතිරෙන්නා සේ බහුජාතික සමාගම් අප රට තුල පැලපදියම් වී වෙළදපොල පවත්වා ගැනීමට කටයුතු කරයි.බලය භාවිතා කර කිරිපිටි වලට ප්‍රචාරණය ලබා දෙන අතර එහි අසුභවාදී පැති සගවන්නේ මර්ධනය කිරීමෙනි.වසන්  කිරීමෙනි.

මේ පණිවිඩය හැකි තරම් ප්‍රචාරය කරන්න.Facebookහි shareකරන්න 
ආර්ථිකය කෙසේ වෙතත් අරෝග්‍යය පරම ලාභයයි.හැකි තරම් දේශීය කිරිපිටි හා දේශීය පාස්චරිත කිරි පානය කරන්න.

“අම්මාගේ ආදරය” රැගත්  “නුවණක්කාරයන්” ගන්නා “දෙනුන්ගෙන් දොවාගත් සැබෑම  එළකිරි ” වලට අප හසුවී ඇති තරම දැන්  වැටහුනි ද?

පෘථිවිය ගැලවිලා තියෙන්නේ ඉතා ළගින්

0 comments


පෘථිවිය ගැලවිලා තියෙන්නේ ඉතා ළගින්

කලින් වතාවේ Thread එකක් සූර්‍යය කුණාටුවක් ගැන සහා පෘථිවිය එයින් ගැලවෙච්ච හැටි මේ වතාවෙත් පෘථිවිය ගැලවිලා තියෙන්නේ ඉතා ළගින්
මේකට හේතුව ඊයේ (බ්‍රහස්පතින්දා ,2012/09/14) පෘථිවියට කිලෝමීටර 383,024 දුරින් ගිහිල්ලා තියෙනවා ග්‍රහාක වස්තුවක් 2012 QG42 කියලා මේක සාමාන්‍යයෙන් අයිෆල් කුළුන ප්‍රමාණයේ
එකක්, මේ ග්‍රහ වස්තුවේ ඇස්තමේන්තු වේගය තත්පරයට 11,176 සහා මෙහි විශාලත්වය අඩි 625 සිට 1400 දක්වා කියලයි සදහන් වෙන්නේ, ඒ වගේම මෙහි විෂ්කම්භය
අඩි 1500 (457.2 m), මේකෙන් හානියක් නොවුනත් මේ ග්‍රාහකය ගිහින් තියෙන්නේ පෘථිවියට ගොඩක් ළගින් ,මේක කොච්චර ළගින්ද කියනවා නම්
හදටත් මෙහායින් ගිහින් තියෙන්නේ. Bob Berman නම් තීරු ලේඛයෙක් Astronomy Magazine එකට කියලා තියෙන විදියට මෙයින් වර්තමානයේ හානියක් නොවුනත්

අනාගතයේ මෙය දරුණු විපතක් ගේන්න පුලුවන් කියලයි සදහන් වෙන්නේ, මෙහි ප්‍රමාණය හා සසදන කොට.සාමාන්‍යයෙන් මිනිස්සු හිතන්නේ නූතන තාක්ෂණයට පුලුවන් කියලා
ග්‍රහ වස්තුවක් පෘථිවියේ ඉදලා කිලෝමීටර් මිලියන ගණනක් ඈතින් තියෙන කොටම හදුනා ගන්න ,නමුත් මේක වැරදියි ඇත්තටම මොකද හැම ග්‍රහ වස්තුවක්ම
මෙහෙම හදුන ගන්න බෑ, මේ විශ්වයේ විවිධ පැති වලින් ග්‍රහ වස්තූන් එන්න පුලුවන්. දැන් හිතන්නේ අපි ලකුණු කරනවා යම් ලක්ෂ‍යක් (තිතක්) මේකේ ඉදලා අපි එක රේඛාවක්
අදිනවා උතුරු පැත්තට, තව ඉරක් අදිනවා ඊශාණ පැත්තට. දැන් අපිට හම්බ වෙනවනේ අතර මැද කොටසක්, මේක ගැන මොනවද කියන්න තියෙන්නේ?
මේ කොටස ලක්ෂ‍යේ ඉදලා ලක්ෂයෙන් ඈතට යනකොට (රේඛාව ගැසු පැත්තට සහා සීමා ඇතුලේ ඉදලා) පැහැදිලිවම මේ කොටස පළල් වෙනව නේ? මේකට
කියන්නේ වපසරිය කියලයි, ඉතින් විශ්වයේ ඈතට යනවිට මේ වපසරිය ඉතා විශාල වෙනවා ඉතින් මේක සම්පූර්ණයෙන්ම පරික්ෂා කරන්න බෑ මොකද අති විශාල නිසා
වපසරිය ඉතින් ප්‍රායෝගික වශයෙන් ග්‍රහ වස්තුවක් මිලියන ගණනක් දුරින් තියෙන කොට අදුන ගන්න ගැනිමේ සම්භාවිතාව 100% නෙවෙයි..


මේ ග්‍රහ වස්තුව අදුන ගත්තේ 2012 අගෝස්තු 26 , මේක පෘථිවිය ළගින් ගිහින් තියෙන්නේ ඊයේ (සැප්තැම්බර් 14) ඒ කියන්නේ මාසයක් වත් නෑ මේ ග්‍රහවස්තුව
අදුන ගෙන තාම. දැන් ඔයගොල්ලෝ දකින්නැති බොබ් බෙර්මන් කිව්වා මේක අනාතයේදි යම් හානියක් කරන්න පුලුවන් කියලා. මේ හානිය ඇත්තටම දැවැන්තයි.
මේකට සාමාන්‍යයෙන් බෑ පෘථිවිය සුනු විසුනු කරන්න නමුත් මෙය වැටුනොත් එම ස්ථානය හිරෝෂීමා නාගසාකි වැටුනු තැන ‍x 10 වගේ වෙයි කියලයි සදහන් වෙන්නේ
ඒ වගේම තමයි කාළගුණයේ සිදුවන වෙනස් වීම්, සත්ව වදවීම් වගේ දේවල් වුනත් වෙන්න පුලුවන්, සාමාන්‍යයෙන් 2012 QG42 ඇමරිකාවට වගේ වැටුනොත්
ලංකාවට වගේ දැඩි තර්ජනයක් එන්නේ නෑ වැඩිම වුනොත් කාළගුණීක ප්‍රශ්ණයක් එයි නමුත් මෙය පෘථිවියේ මේ පැත්තට වැටුනොත් මේ අවට හැම රටක්ම
විනාශ වෙලා යන්න පුලුවන්..
ග්‍රහ වස්තූන් අදුන ගැනිමේ මේ දුර්වලතාව නිසා ඇත්තටම අනාගතයේ ප්‍රශ්ණයක් වෙනවද කියලා අපිට හරියටම කියන්න බෑ
එම නිසා සුදානමෙන් සිටින්න, පෘථිවිය දැන් දෙපාරක්ම බේරුනා (මේ මාස කිහිපය ඇතුලත) තුන්වැනි පාරත් පෘථිවිය වාසනාවන්ත වේවිද එසේ බේරෙන්න ?

සර්පයන් දෂ්ඨ කිරීම

0 comments



සර්පයන් දෂ්ඨ කිරීම


සර්පයන් දෂ්ඨ කිරීම
සර්ප දෂ්ඨ කිරීමක් යනු සර්පයෙකු විසින් සපා කෑමකි. සර්පයෝ සමාන්‍ය‍ෙයන්ආහාර ගන්නා අවස්ථාවන්හිදී ඔවුන්ගේ ගොදුරට දෂ්ඨ කළද ඇතැම් විට මිනිසුන්ටද දෂ්ඨ කරති. මිනිසුන්ට මෙම සර්ප දෂ්ඨ කිරීම් මග හරවා ගැනීමට සහ ප්‍රතිකාර කිරීම සඳහා සර්පයන් දෂ්ඨ කිරීමේ‍ ‍ෙහ්තුව පිළිබද අවබෝධයක් තිබීම ඒවා වළක්වා ගැනිමේ ක්‍රම ප්‍රථමාධාර සහ රෝහල්ගත කිරීමේදී ලැබෙන ප්‍රතිකාර පිළිබද අවබෝධයක් තිබීම උපකාරී වේ.


ප්‍රථමාධාර

සර්ප දෂ්ඨ කිරීමේදී ලබාදිය යුතු ප්‍රථමාධාර ක්‍රම විවිධ වන්නේ එක් එක් සර්පයන් කෙරෙහි විවිධ වර්ගයෙහි සර්ප විෂ අන්තර්ගත නිසාය. ඇතැම් විෂ වර්ග අදාල ස්ථානයට පමණක් සුළු බලපෑමක් ඇති කරන අතර ඇතැම් විෂ වර්ග අදාල ස්ථානයෙන් ඔබ්බට මුළු සිරුර පුරාම පැතිරීම මගින් ජීවිතයට අවදානමක් එල්ල කරයි. මේ අවස්ථාවන්හිදී පීඩනයක් යෙදීම මගින් හා රෝගියා නිශ්චලව තබා ගැනීම මගින් අදාල විෂ එම ස්ථානයට පමණක් සීමා කොට තබා ගැනීම වඩාත් ප්‍රා‍යෝගික වේ. ඇතැම් විෂ වර්ග මගින් දෂ්ඨ කළ ස්ථානය වටා පටක විනාශ වීමක් සිදු කරන අතර රෝගියා නිශ්චලව තබාගැනීම මගින් මෙම විනාශය වඩාත් දරුණු කරන බවට මතයක් ඇත. මෙම කරුණු තවමත් මතබේදයට තුඩු දෙන්නකි.
රටකින් රටකට ජීවත්වන සර්ප විශේෂයන් වෙනස්වන නිසා ප්‍රථමාධාර ක්‍රමද විවිධ වේ. ඇමරිකා එක්සත් ජනපදයේ රැට්ල් සර්පයකු දෂ්ඨ කිරීමේදී ලබා දෙන ප්‍රථමාධාර ක්‍රම ඕස්ට්‍රේලියාවේදී දිවි නයෙකු (tiger snake) දෂ්ඨ කිරීමේදී ලබා දුනහොත් එය රෝගියාට මාරාන්තික වේ. කෙසේ නමුත් මෙම ලිපිය වෘත්තිය වෛද්‍ය අවවාදයක් සඳහා යුක්ති සහගත ආදේශකයක් නොවේ. තමා අදාල ප්‍රදේශයේ ප්‍රසිද්ධ ප්‍රථමාධාර ලබාදෙන සංවිධානයන්හි උපදේශ පිළිගැනීමටත් සර්පයන් දෂ්ඨ කිරීමෙන් වැලකීමට සහ නිවැරදි ප්‍රතිකාර ලබාගැනීමටත් පාඨකයන්ට තරයේම අවවාද කෙරේ.

කෙසේ වුවත් බොහෝමයක් ප්‍රථමාධාර ක්‍රම පහත දැක්වෙන පරිදි වේ

1. රෝගියා සහ අනෙකුත් අය තවදුරටත් සර්ප දෂ්ඨ කිරීම් මගින් ආරක්ෂා කර ගැනීම. එම ප්‍රදේශයට අදාල සර්ප විශේෂය හදුනාගැනීම හා අදාල සර්පයා විනාශ කිරීමට උත්සාහ කිරීමේදී තවදුරටත් සර්පයන් දෂ්ඨ කිරීමට සහ අදාල වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම ලබා ගැනීමට ප්‍රමාදවීමක් සිදුවේ. සර්පයා එම ‍පෙදෙසින් තවමත් ඉවත්ව ගොස් නැත්නම් රෝගියා වහාම ආරක්ෂාකාරී ස්ථානයකට රැගෙන යා යුතුයි.

2. රෝගියා සන්සුන් කොට ප්‍රතිවිෂ සහ අදාල ප්‍රතිකාර ලබා දිය හැකි ළඟම ඇති රෝහලක් වෙත රෝගියා රැගෙන යාම සඳහා උදව් ලබා ගත යුතුය.

3. සර්පයා දෂ්ඨ කරන ලද ගාත්‍රය ක්‍රියා කාරී ඉරියව්වක පවත්වා ගැනීම සහ හෘදය වස්තුවට,අනිත් අවයව වලට හා සිරුර පුරා විෂ එකතුව රුධිරය ගමන් ගැනීම අවම කිරීම සඳහා සැම විටම දෂ්ඨ කරන ලද ස්ථානය හෘදය වස්තුව පිහිටා ඇති මට්ටමට වඩා පහතින් තබා ගත යුතුය.

4. රෝගියාට කිසිවක් ආහාරයට හෝ බීමට ලබා නොදයි යුතුය. විශේෂයෙන්ම රුධිර වාහිනී විස්තාරණය කරන මධ්‍ය‍සාරයන් ලබාදීමේදී අදාල විෂ සිරුරට ‍අවශෝෂණය සීඝ්‍රවේ. වෛද්‍ය අවවාදයකින් තොරව රෝගියාට උත්තේජකයන් හෝ වේදනා නාශකයන් ලබා නොදෙන්න.

5. දෂ්ඨ කරන ලද ප්‍රදේශය ඉදිමීමේදී අදාල පෙදෙස තද කිරීමක් සිදු කිරීමට හැකි උපකරණ හෝ ඇදුම් ඇතිනම් ඒවා ඉවත් කළ යුතුය. (මුදු , බ්‍රේස්ලට් , අත් ඔරලෝසු , සපත්තු)

6. රෝගියා හැකිතාක් නිශ්චලව තබන්න.

7. දෂ්ඨ කරන ලද ස්ථානය කැසීමකට ලක් නොකරන්න.

ඇමරිකානු වෛද්‍ය සභාව සහ අමෙරිකානු රතු කුරුස සංගමය මගින් දෂ්ඨ කරන ස්ථානය සබන් භාවිතා කර ජලයෙන් ‍හොදින් සෝදා හැරීම අනුමත කර ඇත. කෙසේ නමුත් නොයෙකුත් රසායනික ද්‍රව්‍ය භාවිතා කොට සේදීමට උත්සාහ නොකළ යුතුය.
සටහන: ඕස්ට්‍රේලියානු සර්පයන් දෂ්ඨ කිරීමේදී (මෙය ලෝකයේ අනෙකුත් සර්ප දෂ්ඨ කිරීම් වලට වඩා වෙනස් වේ.) තුවාලය පිරිසිදු කර ගැනීම දැඩිව අනුමත නොකෙරේ. දෂ්ඨ කරන ලද ස්ථානයෙහි සමෙහි රැදුණු විෂ උපයෝගී කර ගැනීමෙන් අදාල සර්පයා හදුනාගැනීමට පුළුවන. මේ සදහා සර්පයන් හදුනාගැනීමට සුවිශේෂ කට්ටලයන් භාවිතා කෙරේ. මෙමගින් හදිසි අනතුරු අංශයේදී රෝගියාට ප්‍රතිකාර ලබා දෙනවාද නැද්ද යන්න තීරණය කිරීම වේගවත් වේ.

(නිදහස් විශ්වකෝෂය වෙතින්)

ශ්‍රී ලංකාව සඳහා PayPal සහය ලබාගැනීම

0 comments

ශ්‍රී ලංකාව සඳහා PayPal සහය ලබාගැනී

PayPalForSriLanka

PayPal යනු කුමක්ද?

PayPal යනු අන්තර්ජාලය තුළ ක්‍රියාත්මක වන
මුදල් හුවමාරු සේවාවන්ගෙන් ජනප්‍රියතම මෙන්ම
වැඩිම භාවිතා කරුවන් පිරිසක් ඇති සේවාවයි.
එය පෞද්ගලික ආයතනයකින් සපයන සේවාවක් වුවද
අන්තර්ජාලය තුළ මුදල් හුවමාරු කිරීමේ අප්‍රකාශිත
සම්මතය ලෙස හැඳින්විය හැකිය. අන්තර්ජාලය තුළින්
ලබාගන්නා භාණ්ඩ හා සේවා සඳහා ගෙවීම් කිරීමේදීත්,
තමන් සපයන භාණ්ඩ හෝ සේවා සඳහා
පාරිභෝගිකයන්ගෙන් ගෙවීම් ලබාගැනීමේදීත් PayPal
අන්තර්ජාල පරිශීලකයන්ට බෙහෙවින් ප්‍රයෝජනවත් වේ. ගෙවීම් ලබාගැනීම සඳහා PayPal සේවාවේ ගිණුමක්
තිබීම අත්‍යවශ්‍ය වුවද ගෙවීම් කිරීම සඳහා එවැනි ගිණුමක් අත්‍යවශ්‍ය නොවන නිසා විද්‍යුත් ණය හෝ හර පතක්
(Credit or Debit Card) ඇති ඕනෑම කෙනෙකුට PayPal ගිණුමක් වෙත මුදල් යොමු කිරීමට හැකි වීම එය
ප්‍රමුඛතම මුදල් හුවමාරු සේවාව බවට පත් කරයි.

ගැටළුව

ශ්‍රී ලාංකිකයන්ට PayPal හරහා ඕනෑම අයෙකු වෙත මුදල් යැවිය හැකි නමුත් කිසිදු අයෙකුගෙන් මුදල්
ලබාගැනීම කළ නොහැකිය. මෙනිසා වෙනත් සංකීර්ණ ගෙවීම් ක්‍රම හරහා මුදල් ඉල්ලා සිටින ශ්‍රී ලාංකික
සේවා සපයන්නන්ගෙන් භාණ්ඩ හා සේවා ලබාගන්නවාට වඩා පහසු ක්‍රමයකින් - එනම් PayPal
භාවිතයෙන් - සේවා සපයන ඉන්‍දියානු ජාතිකයන් වැන්නන්ගෙන් සේවා ලබාගැනීම පාරිභෝගිකයන් සිදු කරයි
(මෙකී සේවා නම් වෙබ් අඩවි නිර්මාණය, ග්‍රැෆික් නිර්මාණය වැනි සේවාවන්ය.). තනිවම හා කණ්ඩායම්
වශයෙන් මෙම සේවා සපයා මුදල් උපයන ශ්‍රී ලාංකිකයන් විශාල ප්‍රමාණයක් සිටින අතර PayPal ශ්‍රී ලංකාවට
සහය නොදැක්වීම ශ්‍රී ලංකාව තුළට මුදල් ගෙනෙන මෙම පිරිසට ඉමහත් බාධාවක් වී ඇත. දැනට මොවුන්
අනුගමනය කරන එක් ක්‍රමයක් නම් වෙනත් රටක ව්‍යාජ ලිපින යොදාගනිමින් PayPal ගිණුම් තැනීමයි.
නමුත් එසේ කරන විට සියළු මුදල්ද PayPal ගිණුමද අහිමිවීමේ අවධානම පවතී.

ගැටළුවට හේතුව

ඉහත සඳහන් ගැටළුවට හේතුව ශ්‍රී ලාංකික ලිපිනයන් යොදාගනිමින් තනන PayPal ගිණුම් සඳහා මුදල්
ලබාගැනීමේ හැකියාව PayPal විසින් අහිමි කර තිබීමයි. එයට PayPal විසින් දක්වන හේතුව පහත දැක්වේ:
“Why does my PayPal account have only send capabilities? Members in some countries and
regions may only use PayPal to send payments and not receive payments due to the complexities
of global finance. We are constantly working to improve services for you and hope to expand our
features for you in the future. You can view the countries with send
only capabilities under the Send Money to Anyone in the Growing PayPal Network on the
ශ්‍රී ලංකා මහ බැංකුව තමන්ගේ යල් පැනගිය නීති ලෝකයේ හා ජනතාවගේ අවශ්‍යතා අනුව යාවත්කාල කිරීමට
අකමැති නිසා PayPal ආයතනයට තමන්ගේ සේවාවන් ශ්‍රී ලංකාවට ලබාදීමට නොහැකි වී ඇත.

විසඳීම

ශ්‍රී ලංකා රජය PayPal ආයතනය ශ්‍රී ලංකාවට සහය දක්වන්නට එකඟ කරවාගන්නේ නම් සහ ශ්‍රී ලංකා
මහ බැංකුවේ ප්‍රතිපත්ති 21වැනි සියවසට ගැලපෙන පරිදි යාවත්කාල කරන්නේ නම් ශ්‍රී ලාංකිකයන්ට
ලැබිය හැකි වාසි රැසකි.
  • eBay වැනි ජාලගත වෙළඳපොළවල් හරහා ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන භාණ්ඩ විකිණිම හා එයට
  • අදාළ මුදල් ලබාගැනීම.
  • සුළු හා මධ්‍යම පරිමාණ ග්‍රැෆික්, වෙබ් නිර්මාපකයන් හට තමන්ගේ සේවා සපයා ඒ සඳහා අදාළ මුදල්
  • ලබාගැනීම.
  • ඉහත කාරණා දෙක සඳහාම PayPal සහය දක්වන ඉන්දියාව වැනි රටවල් සමග සම මට්ටමෙන් තරග
  • කරන්නට හැකි වීම.
  • තොරතුරු තාක්‍ෂණ ක්‍ෂේත්‍රය හරහා ශ්‍රී ලංකාව තුළට පැමිණෙන මුදල් ප්‍රමාණය වැඩිවීම.

විසඳන මග.

PayPal Pte. Ltd. යනු ඇමරිකා එක්සත් ජනපදයේ පිහිටි eBay Inc.ආයතනයේ උප ආයතනයකි.ශ්‍රී ලංකා
රජය ඔවුන් සමග කටයුතු කොට ඔවුන්ගේ සේවා මෙරට වෙත ලබා ගත යුතු අතර, ශ්‍රී ලංකා මහ බැංකුවේ
ප්‍රතිපත්ති ගැළපෙන අයුරින් වෙනස් කළ ය. PayPal ආයතනය මගින් අප ඉල්ලා සිටිය යුතු සේවා මේවායි:
  1. ඕනෑම මුදල් ප්‍රමාණයක් ඕනෑම රටක සිට ශ්‍රී ලංකාවේ අයෙකුගේ PayPal ගිණුමට ගෙන්වා ගැනීමේ
  2. පහසුකම.
  3. ශ්‍රී ලාංකිකයෙකුගේ PayPal ගිණුමේ ඇති මුදල් ශ්‍රී ලංකාවේ බැංකු ගිණුමකට ගෙන්වා ගැනීමේ පහසුකම.

ඔබේ සහය දක්වන්න

0 comments


◄ලොව මුලින්ම යකඩවලින් වැඩ ගත්තේ අපි►

විජය පරපුර ලක්‌ දෙරණ ශිෂ්ටාචාරගත කළ බව අපි දේව භාෂිතයක්‌ ලෙස අදහමු.සියලුම දේ (අක්ෂර කලාව ,ගෘහ නිර්මාණ,වාරි තාක්ෂනය ........) අපට ලැබුනේ ඉන්දීයාවෙන් බවට මහාවංසය පදනම් කරගෙන අපට උගන්වති.නමුත් රුවන්වලිය ,අබයගිරිය වැනි ඇති දැවැන්ත දාගැබ් ද
කලාවැව,සොරබොර වැව ,පරාක්‍රම සමුද්‍රයය වැනි දැවැන්ත වාරි නිර්මාණ අපට තාක්ෂණ දී ශිෂ්ට තත්වයට ගෙන ආ බවට සිතන රටේ නැත(ඉන්දියාව) .එය පුදුමයට කරුණකි.කොටින්ම කියුවොත් අපේ පඩියන් අපට උගන්වන්නේ විජයල ඇතුළු පිරිස ලංකාවට අවේ නැත්තම් අපි තවමත් වැද්දන් ලෙස සිටිය යුතු බැවි.එහෙත් විජයාවතරණයට ද වසර සිය දහස්‌ ගණකටත් පෙර මේ දෙරණ ශිෂ්ටාචාරගතව පැවති බව අද අපට පිළිගන්නට සිදුව ඇත.


හෙළ ගවේශන | Hela Gaweshana-2012
---------------------------------------------------------------------------------------------

ලෝකයේ ඕනෑම රටක්, ජාතියක් මිනිස් කොට්ඨාසයක දියුණුව ශිෂ්ටාචාරයේ ඉහළ මට්ටම මැනීමට උපයෝගී කරගන්නේ ලෝහ භාවිතය කළ කාල වකවානු නිර්ණය කිරීමෙනි.

මෙරට යකඩ භාවිතය ගැන අතීතයේ සිට අද දක්වාම පැවතියේ ප්‍රධාන මත දෙකකි. එක් මතයක් වූයේ උතුරු ඉන්දීය ආර්යයන්ගෙන් යකඩ භාවිතයට අප හුරු වූ බවකි. අනෙක් මතය වූයේ දකුණු ඉන්දියාවෙන් යකඩ භාවිතයට අප හුරු වූ බවය.

එහෙත් පුරාවිද්‍යා මහාචාර්ය රාජ් සෝමදේව විසින් සිදු කරන ලද පර්යේෂණයන්ගේ ප්‍රතිඵල අනුව දැන් හෙළි වී ඇත්තේ මෙරට යකඩ භාවිත කළ බවට සැලකෙන කාල සීමාවට අවම වශයෙන් වසර 1000 කට පෙර සිටවත් කඳුකර ප්‍රදේශවල විසු ජනයා යකඩ භාවිතය ඇරැඹු බවයි. මෙය රටේ අනන්‍යතාවය දැඩි ලෙසින්ම ඉදිරියට ගෙන යාමට හැකි වනු හේතුවක් වනු ඇත.

රංචාමඩ මේ පර්යේෂණ

ඇඹිලිපිටියේ රංචාමඩම නැමැති පැරැණි ගම්මානයක් පරීක්ෂා කිරීමේදී නිවාසයක පාදම හමු වී ඇත. වරිච්චි නිවසක් වන එහි අභ්‍යන්තරය පරීක්ෂා කිරීමේදී මුළුතැන්ගෙයත් ළිපත් හමු වී ඇත. ළිපෙහි අඟුරු කාල නිර්ණ පරීක්ෂාවට යැවූ අතර එහිදී එම අඟුරු ක්‍රි. පූර්ව 1120 තරම් පැරැණි යුගයකට අයත් බව තහවුරු වී ඇත.

නිවාසයට ආසන්නයේ ඇති ඉපැරැණි සුසාන භූමියකින් තහවුරු වී ඇත්තේ එහි සුසාන චාරිත්‍ර කර ඇති බවය. මෙම ගම්මානය තවදුරටත් පරීක්ෂා කිරීමේදී සකපෝරුවේ තනන ලද වළං ද හමු වී ඇත.



රංචාමඩම ප්‍රාග් ඓතිහාසික ගම්මානයේ සොයාගත් කොටස්

මෙය ඉතා හොඳ සාක්ෂ්‍යයක් වූයේ මෙරට යකඩ භාවිතය ගැන කාල නිර්ණයකට ඒම සඳහායි. රංචා මඩම තිබුණ යකඩ ආයුධ ක්‍රි. පූ. 1120 පමණ කාලයට අයත් ඒවා බව තහවුරු වී තිබේ. එම නිසා එම ප්‍රදේශයෙන් හමු වූ සුසාන භූමියත් රංචා මඩම ප්‍රදේශයත් අතර සමීප සබඳතාවක් තිබු බව මින් පැහැදිලිය.

එසේම රංචා මඩම තුළ ගල් ආයුධත් තිබී හමු වී ඇති අතර එයින් පැහැදිලිව හඳුනා ගත හැක්කේ ගල් ආයුධ භාවිත කළ අය ඒ වන විට යකඩ භාවිතයට හුරු වූ බවකි. ඔවුන් යකඩ ලෝහය හඳුනාගෙන ඇති බව ද ඉන් මනාව පැහැදිලිය.

බළන්ගොඩ මානවයාගේ දියුණුව

ගල් යුගයෙන් ලෝහ යුගයට පිවිසි සංක්‍රාන්ති යුගය ගැන 1956 සිටම පර්යේෂණ සිදු කරමින් පවතී. ආචාර්ය පී. බී. දැරණියගලයන් මුලින්ම මේ සම්බන්ධව දීර්ඝ ලෙස පර්යේෂණ සිදු කර ඇති අතර ආචාර්ය ශිරාන් දැරණියගලයන් ද මේ සම්බන්ධව මේ වන විට පර්යේෂණ සිදු කරමින් සිටී. මේ සංක්‍රාන්ති යුගය ගැන පර්යේෂණ කරමින් ආචාර්ය පී. බී. දැරණියගලයන් විසින් කල්තොට ප්‍රදේශයේ උඩුපියන්ගල්ගේ පර්යේෂණයට භාජනය කරන ලදී.

එම ගල් ගෙය පරීක්ෂණයට භාජනය කිරීමේදී ගල් ආයුධ භාවිත කළ අපේ රටේ සිටි බළන්ගොඩ මානවයා ඇතුළු පිරිස යම්කිසි ඉදිරි දියුණුවක් ලබාගෙන ඇතැයි ද ආචාර්ය දැරණියගල අනුමාන කළේය. ඉදිරි දියුණුවක් සහිත ඒ සංස්කෘතිය ඔහු ‘ෆෙරෝලෙසක’ සංස්කෘතිය ලෙසත් නම් කරන ලදි. එසේම ආචාර්ය ශිරාන් දැරණියගලගේ මතය වූයේ ගල් ගුහාවලින් සාක්ෂ්‍ය සොයා ගැනීම අසීරු බවයි. ගල් ගුහා පසු කලෙක භික්ෂුන් වහන්සේ විසින් භාවිත කළ නිසා ක්‍රමයෙන් දඩයම අඩුවීම නිසා නව සංස්කෘතියකට ජනතාව හුරු වෙන්නට ඇතැයි ඔහු අනුමාන කරයි.

කල්තොට සිට කඳුකරය දක්වා පර්යේෂණ

රංචා මඩම ගල් ආයුධවලට අමතරව සොයා ගන්නට ලැබුණු මැටි මූර්ති ආදියෙන් ද මේ ශිෂ්ටාචාරය ගැන වැදගත් විස්තර සොයා ගත හැකි විය. ගවයෙකුගේ ශෛලිගත මූර්ති හා කාන්තා ඇස් පැහැ ගන්වන අංජන කූරක් ද සොයා ගත හැකි විය.

මහාචාර්ය රාජ් සෝමදේවයන් මේ වන විට උත්සාහ කරනුයේ යකඩ මෙවලම් සෑදීමට පෙර ප්‍රාථමික අවදිය ගැන සොයා ගැනීමටයි. ඒ සඳහා කල්තොට සිට ඉහළ කඳුකරය පරීක්ෂා කිරීමේ ක්‍රියාදාමයක් අරඹන ලදි.

ඒ යටතේ හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවට අයත් පාරක පිහිටි සුසාන භූමි දෙකක් සොයාගෙන ඇත. එම සුසාන භූමි ක්‍රි. පූ. 1750 පමණ වනු ඇතැයි අනුමාන කර ඇති අතර ඔවුන් කෘෂිකර්මය කළ අය බවත් වළං සකපෝරුවේ සාදන ලද හා වළං පින්තාරු කරන ලද අය බවත් මෙහිදී සොයා ගෙන ඇත. එමෙන්ම එහි තිබු යකඩ කැබලි හා ආම්පන්න අනුව ඔවුන් යකඩ භාවිත කළ පිරිස් බවටත් හඳුනාගෙන ඇත. එහි තිබු ලෝහ මිශ්‍ර ගල් කොළඹ විශ්ව විද්‍යාලයේ න්‍යෂ්ටික විකිරණ විද්‍යා අංශයේ හා පරමාණුක බලශක්ති අධිකාරියේ විද්‍යාගාරයන්හි විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව එම පාෂාණයන්ගේ බහුලව යකඩ ඇති බව සොයාගෙන ඇත. මේ වන විට විශ්වාසය වී ඇත්තේ මේ පිරිස යකඩ හා යකඩ මිශ්‍ර ගල් භාවිත කළ බවයි.

යකඩ නිස්සාරණය පිළිබඳ දත්ත



හල්දුම්මුල්ලේ ප්‍රාග් ඓතිහාසික සොහොන් බිමෙන්
සොයාගන්නා ලද සුසාන භූමියේ කොටස්
එසේම ඔවුන් යකඩ නිස්සාරණය කළේ ද? එසේනම් ඒ කුමන අයුරින් ද යන්න පරීක්ෂා කිරීම ද ඊළඟ අරමුණ වී ඇත.

ඒ සඳහා භූ විද්‍යා අංශවලට අදාළ සාම්පල යවා ඇත. හල්දුම්මුල්ල ප්‍රදේශයේ ප්‍රාදේශික සමීක්ෂණවලින් තවත් සුවිශේෂි වැදගත් ස්ථාන දෙකක් සොයා ගෙන ඇති අතර එයින් මරංගහවෙල සිදු කරන ලද පර්යේෂණයන් සාර්ථක වී ඇත.

මේ වන විට සිදු කරන ලද පර්යේෂණයන්ගේ ප්‍රතිඵල අනුව අපේ යකඩ භාවිතය ක්‍රිස්තු පූර්ව 1750 ක් දක්වා දිව යන බව අනාවරණය වී තිබේ.

එහෙත් එම වසර ක්‍රි. පූර්ව 2000 ක් හෝ ඒ ආසන්න කාලයක් වනු ඇති බවට මහාචාර්ය සෝමදේව විශ්වාසය පළ කරයි. අවම වශයෙන් ක්‍රිස්තු පූර්ව 1750 ට ශතවර්ෂ 5 ක් වත් ඔබ්බට යන්නට තරම් අපේ යකඩ භාවිතය පැරැණි බවට ඔහු විශ්වාසය පළ කරයි.

යකඩ භාවිතය ගැන අපි ඉදිරියෙන්

ලෝකයේ පැරැණිම යකඩ භාවිත කළ අය ලෙසින් සලකන මධ්‍යධරණි ප්‍රදේශවල ශිෂ්ටාචාරය යකඩ භාවිතය ක්‍රි. පූර්ව 1700 ක් දක්වා වූ අතීතයකට දිව යයි. යුරෝපයේ එය ක්‍රිස්තු පූර්ව 700 ක් පමණ දක්වාත් ඉන්දියාවේ එය ක්‍රිස්තු පූර්ව 1200 ක් දක්වාත් අතීතයට විහිදී යයි.

මෙරට හල්දුම්මුල්ල ප්‍රදේශයෙන් මේ වන විටත් ක්‍රිස්තු පූර්ව 1750 ක පමණ කාලයකට පෙර යකඩ භාවිතය ගැන දැනගන්නට ලැබීමෙන් පෙනී යන්නේ ලොව යකඩ භාවිත කරන ලද පැරැණිම ජාතිකයන් අප රටේ සිටි බවයි. උඩවලව නිම්නය හරහා කඳුකරය දක්වා වූ මාර්ගයේ යකඩ භාවිතය සම්බන්ධව අධීක්ෂණ කටයුතු සිදු කෙරුණු අතර ඉහත පරිදි එයින් සාර්ථක ප්‍රතිඵල ලැබී ඇත. ක්‍රිස්තු පූර්ව 1750 යනු මොහෙන්දජාරෝ හරප්පා ශිෂ්ටාචාරය පරිණත වශයෙන් නාගරීකරණය වූ අවදියයි. එකල පටන් මෙරට කඳුකර වාසින් යකඩ භාවිත කර තිබීම මෙරට අභිමානය වැඩීමට හේතු වනු ඇත.

හල්දුම්මුල්ලේ ජනාවාසයක පිරික්සුම්

එසේම හල්දුම්මුල්ල ජනාවාසය සම්බන්ධව ද මේ වසර අවසන් වන විට ඉතා හොඳ තහවුරු කිරීමක් ලබා ගත හැකි වනු ඇතැයි මහාචාර්ය සෝමදේව විශ්වාසය පළ කරයි. හල්දුම්මුල්ල ප්‍රාදේශීය ප්‍රදේශවල සිදු කළ කැණීම්වලදී තේ වත්තක් තුළ තිබී ඉපැරැණි සුසාන භූමි දෙකක් සොයාගෙන ඇත. මරංගහවෙල සිට හපුතලේ දක්වා පැරැණි ගම්මාන 50 ක් පමණ සොයා ගෙන ඇති අතර අඩුම තරමින් මෙවන් ගම්මාන 200 ක්වත් සොයා ගැනීමට හැකි වනු ඇතැයි ආචාර්ය සෝමදේව විශ්වාසය පළ කරයි.

ඉදල්ගස්හින්න වැනි ඉතා ඉහළින් පිහිටි ප්‍රදේශවල ‘කාලරක්තවර්ණ’ වළං භාවිත කර ඇත.

හල්දුම්මුල්ල ප්‍රදේශයේ ඉතා පැරැණි නිවාසයක අත්තිවාරමක් සොයා ගෙන ඇති අතර එම අත්තිවාරම මතට ටොන් 50 ක පමණ විශාල ගල් පර්වතයක් වැටී තිබුණ අතර එය ඉවත් කර එම නිවාසයේ කාල නිර්ණය මේ වන විට සොයා ගෙන යන අතර මීට අවුරුදු 4000 කට පමණ පෙර ජනාවාස තොරතුරු එම පරීක්ෂණ අනුව සොයා ගත හැකි වනු ඇතැයි විශ්වාස කෙරේ.

එසේම අර්ධ මාණික්‍ය ගල් මෙවලම් ද (තෝරියනේට් පාෂාණය සහිත) සොයා ගන්නට ලැබීමෙන් පෙනී යන්නේ අපේ ඉතිහාසයේ පරිණාමය පිළිබඳව විශාල තොරතුරු සොයාගත හැකි බවයි.

ලොව ඉතිහාසයේ ඉහළම තැනට ගෙනයයි

සකපෝරුව වැනි උපකරණ භාවිත කිරීම මඟින් පෙනී යන්නේ අපේ ඉතිහාසය ඉතා දියුණු මට්ටමක පැවතුණ බවයි. ඒ අනුව ලොව යකඩ භාවිත කළ ප්‍රථම ජාතිය හෝ මුලින්ම මේ ලෝකයේ යකඩ භාවිත කළ ජාතින් අතර අප ද සිටින බව ද මෙම පර්යේෂණයන්ගෙන් තහවුරු වේ. එසේත් නැතිනම් මධ්‍යධරණි ප්‍රදේශය හා මෙරට වැසියන් අතර ඈත අතීතයේ සමීප සම්බන්ධතා ඇති වෙන්නට ඇතැයි සිතිය හැකිය.

කරුණු කෙසේ වුවත් අපේ රට ලොව ඉතිහාසයේ මුල් තැනකට අප ගෙන යන පර්යේෂණයන්ගේ ප්‍රතිඵල නොබෝ දිනකින්ම එළි දකිනු ඇත.
---------------------------------------------------------------------
Source :(රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මහාචාර්ය රාජ් සෝමදේව විසින් කළ දේශනයක් ඇසුරිනි).

තාරක වික්‍රමසේකර
උපුටා ගැනීමකි-

0 comments


සීගිරියේ සඟවා දැමූ අභිරහස්



සිගිරිය කියල කියන්නේ අභිරහස්වලින් අඩුවක් නැති බොහෝම අපූරු විශ්මිත නිර්මාණයක්. මේ කියන්න යන කතාව එහි අපි වැඩිය අහපු නැති පැත්තක් ගැන. සූරිය ගුණසේකර කියන්නේ සිගිරිය, රාවණ රජු ඇතුළුව ලංකාවේ සැඟවුණු ඉතිහාසය ගැන පරීක්ෂණ කරන කෙනෙක්. ඒ සම්බන්ධව පොත් ගණනාවකුත් රචනා කරල තියෙනවා. ඒ මහත්මය තරුණ කාලේ, ඒ කියන්නේ එකදාස් නවසිය හැට ගණන්වල සීගිරියට ගිහිල්ලා තියෙනවා තව තරුණ කණ්ඩායමක් එක්ක විශේෂ ගවේෂණයකට. එහිදී එයාලා දවල්ට කන්න ගිහිල්ලා තියෙනවා සිගිරිය පේන මානේ තියෙන පුංචි කටු මැටි ගෙදරකට. ඔය ගෙදර මිදුලේ හිටියලු වයසක සීයා කෙනෙක්.


කෑම කාලා කට්ටිය එලියට ආපු වෙලේ මෙයාලා ඔය සීයා එක්ක කතාවට වැටිලා. එයා දැනගත්තම මේ කට්ටිය ඇවිල්ලා තියෙන්නේ සිගිරිය ගැන හොයන්න කියලා. ඒ පාර තමයි මේ කතාව කියල තියෙන්නේ.

''මහත්තයල දන්නවද, මම ඉස්සර අන්ධ කෙනෙක් නෙවේ. මට මෙහෙම උනේ මට මහ විශාල පවකට සම්මාදන් වෙන්න උනු නිසා''

මෙහෙම කිව්වම කට්ටිය අන්දුන්කුන්දුන්...

"මොකද්ද සීයේ උනේ...?"

මහත්තයලට කියන්න, මම H.C.P. Bell මහත්තයගෙ කාලේ මෙතන සීගිරියේ එයා යටතේ කැණීම වලට අත් උදව් දීපු සේවකයෙක්. ඒ කාලේ හිටපු අයගෙන් දැන් මම විතරයි ඉතුරු.
(H.C.P. Bell කියන්නේ ලංකාවේ මුල්ම පුරාවිද්‍යා කොමසාරිස්වරයා. ඔහු බ්‍රිතාන්‍ය ජාතිකයෙක්. ලංකාවේ පුරාවස්තු බොහොමයක් හොර රහසේම බ්‍රිතාන්‍ය කෞතුකාගාරය වෙත ගෙනගිය බවට මොහුට චෝදනා එල්ල වෙනවා)

ඉතින් ඒ කතාව සීයා ඒ පාර කිව්වලු.

අපි සීගිරියේ කැණීම කර කර ගල මුදුනටම ගියා. ගල මුදුනේ නොයෙක් පුදුම හිතෙන නිර්මාණ අපිට හම්බුනා. එතන කට්ටිය කැණීම කරනකොට අපිට හොයාගන්න පුළුවන් වුණා පඩිපෙලක්. මේ පඩිපෙළ සිගිරිය ගල මුදුනේ ඉඳං ගල පාමුල වෙනකන්ම යනවා ගල ඇතුලෙන්. ඒ ගැන හාන්කවිසියක් පිටට පේන්නේ නෑ. පඩිපෙලේ තැනින් තැන ගිමන් නිවන්න කාමර තියනවා. ඒ කාමර වල තිබිල අපිට බොහොම වටිනා පුරාවස්තු හුගක් හම්බුනා. බෙල් මහත්තයා ඒ ඔක්කොම එකතු කරගෙන එලියට ගෙනාවා. පස්සෙ අපිට කිව්වා ඒ පඩිපෙලේ ගල මුදුනේ දොරකඩ කොන්ක්‍රීට් දාලා සම්පුර්ණයෙන් වහන්න කියල.. අපිට පුදුම හිතුනා, ඒත් අපි කිව් විදියට කරා.

එදායින් පස්සෙ ඒ වැඩේට ගිය අපි කාටවත් හොඳක් උනේ නෑ. සමහරු ලෙඩ උනා. සතා සීපාවා ගහල මැරුණා. ගහක් ගලක් වගේ හිටපු මම දවසක් උදේ නැගිට්ටේ මෙහෙම අන්ධ වෙලා.

මෙහෙම කියපු ඒ සීයා අඬන්න ගත්තලු.

මේ කතාවේ ඇත්ත නැත්ත ඔයාලම තීරණය කරන්න.

හැබැයි ඇත්තටම කියනවනම්. සිගිරිය ඉහලට රජ කෙනෙකු, අද අපි යන්න වගේ දාඩිය පෙරාගෙන ගිනිකුට අව්වේ අර වගේ පටු පඩිපෙලක් දිගේ ගියා කියලනම් හිතන්න බෑ. රජුට ඉක්මනින් පහසුවෙන් සහ රජ කෙනෙක් විදියට යන්න විශේෂිත ගමන් මාර්ගයක් තිබිය යුතුමයි.

මේ ගැන පරීක්ෂණ කරපු මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු සුසිර උඩලමත්ත මහතානම් කියන්නෙ, ඒ කාලේ රජුට ඉහලට ගමන් කිරීමට විශේෂ සෝපානයක් තිබුන කියලා. මේක හඳුන්වන්නේ කර්කටක යන්ත්‍රය කියලා. මොකද මේක කකුළුවෙක් වගේ හැඩයක් සහ යාන්ත්‍රණයක් තියෙන නිසා. සිගිරිය ගලේ එක අන්තයක කෙලින්ම සිරස්ව ඉහලට යන සහ තිරස්ව යන ඉනිමගක් වැනි කුඩා track පද්ධතියක් ගලේම කොටලා තියෙනවා දැකගන්න පුළුවන්. මේක තියෙන්නෙ කර්කටක යන්ත්‍රයේ දැති රෝද වලට ගමන් කරන්න කියල තමයි කියන්නේ.


සිගිරිය ජල උද්‍යානය ගත්තත් ඒක සුවිශේෂයි. එහි ප්‍රධාන දොරටු හදල තියෙන්නෙ කෙලින්ම ඉහළට ඔසවන විදියට. මේ සඳහා යොදාගත්තු විශාල ගල් උලුවහු අදත් දැකගන්න පිළිවන්. මේ විශාල ලී ද්වාර එසවීමට යොදාගෙන තියෙන්නෙ අලි ඇතුන්.

ඒ වගේම සිගිරිය ජල උද්‍යානය ගත්තත්, ඒක හදල තියෙන්නේ ඒකට ඇතුල් වෙන කෙනෙක්ව එක්වරම මුලා වෙන විදියට. හොඳින් නිරීක්ෂණය කරොත් පේනවා ප්‍රධාන දොරටුවෙන් ඇතුල් වෙලා යනකොට එක හරියකදී එකපාරටම සිගිරිය ගල නොපෙනී යන බව. ඒ විදියටයි ඒ ගමන් මාර්ගය හදල තියෙන්නේ. ඒ වගේම සිගිරිය ජල උද්‍යානයේ තියෙන වතුරමල් අදටත් වැඩ කරනවා. ඒත් වතුර එන්නෙ බොහොම අඩුවෙන්. මේකට හේතුව තමයි සිගිරිය වැවේ ජල මට්ටම ඉතාමත් අඩු වීම.

අතීතයේදී සිගිරිය වතුරමල් සහ ජල උද්‍යානයට ඉහළින් තමයි සිගිරිය වැවේ ජල මට්ටම පිහිටලා තියෙන්නේ. ඒකෙන් ඒ කාලේ සීගිරියට සතුරන්ගෙන් ආරක්ෂාවත් ලැබුණා. මේ නිසා ඉතා විශාල ජල පීඩනයක් යටතේ මේ වතුර මල් බොහොම උජාරුවෙන් ඉහළට වතුර විදින්න ඇති. ඒත් පසුකාලීනව සිගිරිය අවට ප්‍රදේශය සංචාරක කලාපයක් විදියට සංවර්ධනය කරන්න ගත්තම සිගිරිය වැව ගොඩ වුණා. Sigiriya Village වගේ සුපිරි හෝටල් අද තියෙන්නෙ සිගිරිය වැව තිබුන හරියේ. අද සිගිරිය වැව දිය හිඳුනු නිකං නමට වැවක්. සීගිරිය ගල මුදුනට වතුර ගෙනගිය ආකාරයද අභිරහසක්. මේ සඳහා ජල පොම්ප කිරීමේ තාක්ෂණයක් යොදාගෙන තියෙන බවයි සමහරු කියන්නේ. ඒත් වර්තමානයේ පරීක්ෂකයන්ගේ මතය වෙලා තියෙන්නේ මේ සඳහා ඊට වඩා බොහොම සරල ක්‍රමයක් භාවිතා කර ඇති බවයි. එනම් සංසක්ති බල.

විද්‍යාව කරපු අය දන්නවා සංසක්ති බල කියන්නේ මොනවද කියලා. ඒ කියන්නේ එකම වර්ගයේ අංශු අතර ඇති වන ආකර්ෂණ බල (මට මතක විදියට වැන්ඩවාල් බල)

ඒ අය කියන විදියට සිගිරිය ගල මුදුනේ නිර්මාණය කර තිබෙන ජල පොකුණු වලට නිරන්තරයෙන් වැහි වලාකුළු ආකර්ෂණය වෙනවා. හේතුව සිගිරිය මුදුනේ තියෙන පොකුණු වල ජලයේ ජල අංශු සහ වැහි වලාකුළු වල ජල අංශු එකිනෙක ආකර්ෂණය වීම. මේ සංසිද්ධිය වෙනත් උස් කඳු මුදුන් සහ උස ගල් පර්වත මුදුනේ ඇති ජලය රැස්වෙන ස්ථාන වල දැකගන්න පුළුවන්. එමගින් ලැබෙන වර්ෂාවෙන් නිරන්තරයෙන් සිගිරිය ගල මුදුන ජලයෙන් ස්වයංපෝෂිත වෙනවා.

මෙවැනි ක්‍රමයක් මේ සඳහා යොදාගැනීමට තවත් හේතුවක් තියෙනවා. එනම් හදිසියෙවත් සතුරු හමුදාවක් සිගිරිය ආක්‍රමණය කරා කියල හිතමු. සීගිරියට ජලය ගෙනියන්නේ විශාල පොම්පයකින් නම් හතුරන්ට මේ පොම්පය විනාශ කරල හරි පහල තියෙන ජල මුලාශ්‍ර වලට වස මිශ්‍ර කරල හරි ගල මුදුනේ ඉන්න පිරිසව අසරණ කරන්න පුළුවන්. ඒත් මම මුලින් විස්තර කරපු සංසක්ති බල ක්‍රමය නිසා ගල මුදුනේ ඇති වගාවන් හෝ ඔවුන්ගේ පානිය ජල අවශ්‍යතා එතැනින්ම සුරක්ෂිතයි. ස්වයන්පොෂිතයි.

අසමසම සැගවුණු වෙඩික්කරු(Sniper)

0 comments




කොටි ත්‍රස්තයන් 400 කට වැඩි ප්‍රමාණයක් තනිවම මරු තුරුලට යැවූ අසහාය අසමසම සැගවුණු වෙඩික්කරු(Sniper) කෝප්‍රල් රන්ජිත් ප්‍රේමසිරි (corpral Ranjith premasiri )හෙවත් නීරෝ(Nero) ,.......


එදා හෙළ රජ සමයේ සිටි අපගේ උත්තරීතර මාත්තෘ බුමියට එල්ල වූ සතුරු ප්‍රහාරවලින් අප රට මුදවා ගැනීමට දිවි හිමියෙන් සටන් කල රණශුරයන් මේ රට සිටියහ,..

එදා රජ සමයේ අප රට සතුරු ආක්‍රමණවලින් මෙරට මුදවා ගත් ශ්‍රේෂ්ට නරපතියෙකි දුටුගැමුණු රජතුමා ,එතුමාගේ හමුදාවේ සිටියේ ශ්‍රේෂ්ටතම දුනු වයා වුයේ සුර නිමලය,.
.වැලි මිරිකා වතුර ගත් සිංහලයට කල නොහැක්කක් නොමැති බවට පෙන්නු අද කාලේ නීරෝ,සුර නිමල කෙනෙක් විය ,.


ශ්‍රී ලංකා මාතාවට උත්තරීතර නිදහස ලබා දුන් මානුෂීය මෙහෙයුමේදී සැගවුණු වෙඩික්කරුවන් කල මෙහෙය අති විශිෂ්ටය,.

සැගවුණු වෙඩික්කරුවෙකු(Sniper) යනු සැගව සිට තම සහයක බට පිරිස් වෙත ඉදිරි පෙළ සතුරු ඉලක්ක විනාශ කරමින් අනගි සහයක් ලබා දෙන අති දක්ෂ වෙඩික්කරුවෙකි,..

කැපවීම,අදිෂ්ඨානය,.ඉවසීම,හැකියාව සැගවුණු වෙඩික්කරුවෙකු සතු ගුණාංග කිහිපයකි, ,..

කෝප්‍රල් රන්ජිත් ප්‍රේමසිරි යනු තම රාජකාරිය විශිෂ්ට ලෙස අකුරටම ඉටු කල අති දක්ෂ (sniper )සෙබළෙකි..නීරෝ(Nero) යනු ඔහුට ලබා දී තිබු අනුවර්ත නාමයයි..නීරෝ ශ්‍රී ලංකා යුධ හමුදාවේ වීශිෂ්ට සම්පතක් විය..ඒ ඔහු කොටි ත්‍රස්තවාදීන් සිය ගානක් විනාශ කර ඇති නිසාවෙනි.නීරෝට තම ඉලක්කය කිසිදාක වැරදුනේ නැත,ඒ ඔහුට ඔහු ගැන දැඩි විශ්වාසයක් තිබු නිසාවෙනි.,

තමන් උපන් මත්තෘ බුමියේ රැකීමට ඔහු තුල තිබු අසාව නිසාම ඔහු තම 1991 පෙබරවාරි 12,එනම් ඔහුගේ 22 වෙනි වියේදී ශ්‍රී ලංකා යුධ හමුදාවට එක් විය ,.අනතුරුව යුධ හමුදා පුහුණුවෙන් පසුව ඔහු යුධ හමුදා ගජබා රෙජිමේන්තුවේ 5 වැනි බල ඇණියට අනියුක්ත වුනෙය,මානුෂිය මෙහෙයම මුල සිටම කොප්‍රල් රංජිත් ඇතුළු සැගවුණු වෙඩික්කරුවන්ගෙන්(snipers ) ලැබුනේ අති විශිෂ්ට සහයකි,.



අලිමංකඩ මුදා ගැනීමේදී,වන්නේයික්කුලම් දැවැන්ත පස්ස බැම්ම මුදා ගැනීමේදී,පරන්තන් මුදා ගැනීමේදී,ඔහු අතිශය දක්ෂ ලෙසේ තම සැගවුණු වෙඩි බලය උපරමියෙන් ලබා දී බුමියේ අනෙකුත් බටපිරිස්වලට අනගි සහයක් ලබා දුන් මෙහෙයුම් කිහිපයකි,.

අනතුර පෙනෙන මානයේ සිටියද රංජිත්ට තමන් ගැන දැඩි විශ්වාසයක් තිබුණි.වන්නි මානුෂිය මෙහෙයුමේ අවසන් දිනවල LTTE බාරයේ සිටි ප්‍රාණ ඇපකරුවන් විශාල ලෙස වැල නොකැඩි ශ්‍රී ලංකා හමුදාවන් වෙත පිහිට පතාගන එන්නට විය,.හමුදාව වෙත එන ප්‍රාණ ඇපකරුවන් අතරේ සැගවිගන පරාජයෙන් වියරු වැටීගන සිටි LTTE ත්‍රස්තයන් විරෝදාර ශ්‍රී ලංකා හමුදාව වෙත ප්‍රහාර එල්ල කිරීමේ නිවට නින්දිත උතසහයක යෙදෙන්නට විය.එබැවින් පුදුමාතලන් ප්‍රදේශයේ ප්‍රාණ ඇපකරුවන් අතරේ සැගවිගන එන ත්‍රස්තවාදීන් ඉලක්ක කරගන ප්‍රහාර එල්ල කරීමේ බාර දුර කාර්යය කෝප්‍රල් රන්ජිත් ප්‍රේමසිරිට පැවරිනි...

හමුදාව වෙත එන ප්‍රාණ ඇපකරුවන් අතරේ සැගවිගන එන ත්‍රස්තයන් එලක්ක කර ගැනීම සැබවින්ම ඉතාමත් අසීරුය. එත් රන්ජිත් ප්‍රේමසිරිනම් අසහාය අසම සම වෙඩික්කරුවා සතු හැකීයාව නිසා ඔහුට එම කාර්ය කිරීම හැකියාව තිබුණි.



එත් අවාසනාවන්ත ලෙස නොසිතු මොහොතක LTTE සැගවුණු වෙඩික්කරුවෙකුගේ ඉලක්කයකට රන්ජිත් ප්‍රේමසිරි හෙවත් නීරෝ (nero) හසුවීම නිසා මෙමෙ අසම සම අති විශිෂ්ට රණශුරයට තම මත්තෘ බුමිය උදෙසා 2009 අප්‍රියල් 28 උදැසන එනම් ජීවිතේ 41 වන වියේදී ජීවිතේ පුද කරන්නට සිදු විය,..
ඔහු තම හමුදා දිවියේදී ඔහු මිය යන මොහොත දක්කවා ලංකා මාතාව වෙනුවෙන් කලේ උත්තරීතර මෙහෙයකි,.


දරුවන් තුන් දෙනෙකුගේ සෙනෙහෙබර පියෙක් වූ,බිරිදකගේ සෙනෙහෙබර සැමියෙක් වූ කෝප්‍රල් රන්ජිත් ප්‍රේමසිරි තම මත්තෘ බුමිය උදෙසා එලෙස තම ජීවිතය පුජා කලේය.
දරුවන් තම පවුල පිලිබදව කොතරම් සොදුරු බලාපොරොත්තු තිබුනත් තම රට ජාතිය නිදහස සැමදේටම වඩා උතුම් බව සලකු මෙම උත්තම පුරුෂය රට වෙනුවෙන් තම උපරිම කැපවීම සිදු කලේය.


කෝප්‍රල් රන්ජිත් මිය යන විට රණබිමේ දැක්වූ වීර වික්‍රමාන්විතයන් වෙනුවෙන් වීර වික්‍රම විභූෂණ,රණවික්‍රම ,,රණශුර උපහාර පදක්කම් පිරි නැමීමට නිර්දේශ කර තිබුණි.
එසේම උපන් රටට ශ්‍රී ලංකා හමුදාවට ඔහු සිදු කල මෙහෙය උදෙසා පුර්ණ බුමි,උතුරු නැගෙන හිර සංග්‍රාමික ,50 වන නිදහස් සංවත්සර,50 වන යුධ හමුදා ස්වර්ණ ජයන්ති ,රිවිරැස හා දේශ පුත්‍ර සම්මානයෙන්ද මෙම රණවිරුවා පිදුම් ලබා සිටියේය..
සැමදෙටම වඩා තමන් උපන් රට ජාතිය උතුම්ව සලකු මෙවැනි රණවිරුවන් අද ශ්‍රී ලංකික සමාජයෙන් ගරු බුහුමන් ලැබිය යුතුය,එත් අද ශ්‍රී ලංකික බොහෝ දෙනාට රණවිරුවන් කල කැපවීම අමතක වී තිබීම සැබවින්ම සෝචනීයයි,........


මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.

Chitika

 
_______________________________________© ST STUDIO 2011 All Rights Reserved | Design by ST STUDIO _______________________________________